
(යොහාන් භාසුර)
වර්තමානයේ පවතින විදුලි ගාස්තුව ලබන වසරේ පළමු මාස හය තුළ ද පවත්වාගෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල මණ්ඩලයේ යෝජනාවලිය පිළිබඳ එම කොමිසම සලකා බලන බවත් ඉන්පසුව ඒ සඳහා වන නිර්දේශ ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලයේ යෝජනාව පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවත් හදන උපයෝගීතා කොමිසමේ පනතට අනුව අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’විදුලි ගාස්තු අඩු කරන්න මණ්ඩලය බෑ කියයි’’
යෝගා Saturday, 07 December 2024 03:07 PM
එහෙම අඩුකරලා කොහොමද, ආණ්ඩුවේ අයිතිකාරයෝ කියලා කියන වෘත්තීය සමිති වලට ඕනෑ විදියට ලොකු බෝනස් දෙන්න තියනවානේ. විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කියලා කිව්ව එක ලොක්කාගේ තවත් එක් බොරුවක්ද කොහේද?
Kazi Shajahan Saturday, 07 December 2024 03:09 PM
අනුරලා ඔලුව අතගාලා ඡන්දේ අරගෙන දැන් කොටු ඇනගෙන අනාගෙන යන්න හදන්නේ... මෙච්චර වහලත් බිල් එක අඩු කරන්න බැහැ කියන්නේ විස්වාස කරන්න පුළුවන්ද? මේක නම් IMF උගුලක් වගේ, අනේ දෙවියනේ අපි රැවටුණා මොවුන්ට...
Harini Saturday, 07 December 2024 03:24 PM
කිව්වා නම් කරන්න..!
Randhir Saturday, 07 December 2024 03:53 PM
අපිනම් කට කැඩෙනකන් කිව්වා... මොවුන් රස කරකර විඳින්නේ ටොම් පච කියලා... කවුරුවත් ඇහුවේ නැහැ. දැන් ඉතින් ඡන්දෙ නොදුන්න අපිත් පෝලිම් ගානේ...
prasanna Saturday, 07 December 2024 03:57 PM
කාංචනගෙන් දේශපාලනය ඉගෙන ගන්න වෙනවා. මාලිමාවේ ගොඩේ සෙට් එකට...
ජයරත්න Saturday, 07 December 2024 04:10 PM
මේ වෙලාවේ විදුලිබිල අඩුකරන්න බැරි නම් නියං කාලෙදීද අඩුකරන්නේ...? කරුණාකරලා කිව්ව දේවල් කරන්න විහිළු සපයන්නේ නැතිව..!
රවි Saturday, 07 December 2024 04:17 PM
විදුලිබල මණ්ඩලයත් උපයෝගීතා කොමිසමත් හවුල්වෙලා ගහන ගේමක්. ජනතාවට මොක වුණත් කමක් නෑ බෝනස් ගනිල්ලා.. රජයක් තියෙන්නේ මේ ගේම් නවත්තන්න.
පාඨකයෙක් Saturday, 07 December 2024 04:32 PM
දැනට පවතින අය කිරීමේ ක්‍රමය අනුව, ගෘහස්ථ පරිභෝජන කාණ්ඩය යටතේ ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනයට ඒකකයන්ට රු.6.00 බැගින් අය කෙරෙන අතර ඒකක 31-60 දක්වා රු.9.00 බැගින් අය කෙරේ. නමුත්, ඒකක 60 තවත් 1 ඒකකයකින් හෝ ඉක්මවූ විට (උදා.ඒකක 61) ඒකක 0-60 දක්වා සියලුම ඒකක සඳහා ඒකකයකට රු.15.00 බැගින් අය කෙරේ. මෙය ඉතාමත් අසාධාරණ ක්‍රමයකි. අප කෙතරම් විදුලිය පිරිමැසුවද එහි වාසිය අපට නොලැබෙන්නේ නම් ඇති ඵලය කුමක්ද? ආගමික ස්ථානවල පවා සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමට යෝජනා කළත්, පාර්ලිමේන්තු සංකීර්ණයේ එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේද?
ranjith Saturday, 07 December 2024 05:24 PM
මේවාට කියන්න දෙයක් නැහැ. ඉඳකින් අපේ වටිනා ඡන්දය කියලා පසුතැවිලි වෙන එක හැරෙන්න.
nanada Saturday, 07 December 2024 05:25 PM
මේක රනිල් පුනරුදය 2 අදියරද?
ashok Saturday, 07 December 2024 06:28 PM
දිනන්න ඕනේ ඇඬෙන්නම කිව්වා වගේ දිනලා මෙහෙම කළොත් අන්තිමට සියයට 3 දක්වාම හොඳටම ඇඬෙන්න පල්ලම් බහින්න වෙන්නත් පුළුවනි... ජනතාවට සහන දෙනවා වෙනුවට තවතවත් පීඩාවන් නේද මේ කරන්න හදන්නේ..?
karolis Saturday, 07 December 2024 06:53 PM
එක පෑන් පාරෙන් කරන්න හිතපු ඔක්කෝම වැඩ එහෙම කරන්න බෑ කියලා තේරෙන කොට ඉතින් කෝච්චිය ගිහින් 69 ලක්ෂයටම. දැන් ඉතින් ගුද මාර්ගයේ හිර වෙච්චි ලණු ටිකට මොකද කරන්නේ...?
Krishna Saturday, 07 December 2024 07:33 PM
බෝනස් දෙනවද.....?
Wasantha Saturday, 07 December 2024 11:51 PM
මේවා ඔක්කොම විසඳන්න පුළුවන් පාර්ලිමේන්තු ඇමැති කෙනෙක් ඉස්සර අපිට හිටියා. අපේ අවාසනාවට එතුමා අපිට මිස් වුණා. එතුමා ඇන්දේ ඩබල් පොකට් කමිස... සියල්ල දත්, කට උල්... අන්න එයාව හොයාගත්තා නම් හරි.
පොඩිඑකා Sunday, 08 December 2024 09:38 AM
ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද කියලා දැනගන්න කන් කට ඉක්මන් නොකර ඉන්න...
Toni Sunday, 08 December 2024 02:58 PM
කියපු එක දෙයක්වත් කරන්නැහැ. කරන එක දෙයක්වත් කියලා නැහැ. කමක් නැහැ තනියම දොර ඇරගන්නවනේ...
පිටරැටියා Sunday, 08 December 2024 03:26 PM
හැමදේම වැරදියට හොයන මොලේ උඩ ඉන්න මිනිස්සු ගැන කවර කතාද? පහුගිය කාලවල ජනතාව කොයිතරම් අපහසුතාවයට පත් වුණාද කියන එකවත් මතක නැහැ...
de silva Monday, 09 December 2024 07:10 AM
ලෝක වෙළදපලේ තෙල් මිල අඩුවෙලා , ගංවතුර ගලන්න වැසි වැහැල ජලාශ වාන් දමන මේ අවස්ථාවේ විදුලි බිල අඩුකරලා ජනතාවට සහන දෙන්න බැරිනම් , විදුලි බිල අඩු කරන්නේ ඉඩෝර කලේද , කවුරුත් චන්දෙට කලින් දෙන බොහොමයක් පොරොන්දු වෙන ඒවා චන්දෙන් පස්සේ ඉස්ට කරන්නේ නැහැ , විදුලිබල සහ බලශක්ති ඇමතිට පුළුවන් අවශ්‍ය නම් කැබිනට් පත්‍රිකාවක ගෙනත් විදුලි බිල අඩු කරලා දමන්න , කාගෙන්වත් අහ අහ ඉන්න ඕනේ නැහැ