IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


විදුලිය කැපීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් නෝක්කාඩුවක්

(අජන්ත කුමාර අගලකඩ)

ලංකා විදුලිබල මණ්ඩලය  කලින් නොදන්වා ඇතැම්  ප්‍රදේශවල  විදුලිය කපන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (07) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇත .

මේ දිනවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

විදුලිය කැපීමක් අවශ්‍ය වන්නේ නම් අඩුම තරමින් ඒ බව කල්තියා දැනුම් දී විදුලිය කපන්නේ නම් ,ඔවුන්ට ඒ සඳහා සූදානම් විය හැකි බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිය නොකපන ලෙස තමා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි සඳහන් කර ඇත .

මන්ත්‍රීවරුන් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් තමා සොයා බලන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මැති ඇමතිවරුන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් විදුලිබල ඇමතිවරයා යමක් ප්‍රකාශ නොකළද ,ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ විදුලිය ඉල්ලුමට සරිලන සැපයුම ලබා දිය නොහැකි අවස්ථාවල පද්ධතිය පවත්වාගෙන යාම  සඳහා ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි කරනු ඇති බවය.

රටේම  විදුලිය නොකපා යම් යම් ප්‍රදේශවල සුළු වේලාවකට විදුලිය  කපා පද්ධතිය පවත්වාගෙන   යාමට හැකි නම් එයද වැදගත් බව පවසා ඇති ගම්මන්පිල මහතා එයද කලින් දැනුම් දී කළ හැකි නම් වඩාත් වැදගත් වන බව සඳහන් කර ඇත.



අදහස් (3)

විදුලිය කැපීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් නෝක්කාඩුවක්

Hafeel Wednesday, 09 February 2022 09:51 AM

ජනාධිපති විදුලිය නොකපන ලෙස තමා අදාළ බලධාරීන්ට දැනුම් දීලත්, විදුලිය කපනවා නම්, ජනාධිපතිගේ උපදෙස්, නියෝග පුස්සක් බවට පත්වෙලා. ඉතින් මේකද ඉතුරු අවුරුදු තුන හොඳට කරන ලක්ෂණ..!

:       3       11

sharm warn Wednesday, 09 February 2022 12:11 PM

ජනාධිපති කිවුවට ,ඇමතියෝ කිවුවට ,බලාගාර දුවන්නේ ඉන්ධන වලින් නම් ,අවශ්‍ය තරමට ඉන්ධන නැත්නම් ,ඉබේම ජනකයන්ත්‍ර හිටිනවා කියලා වත් තේරෙන්නේ නැති ගොන් ඇමතියෝ.උන්ටම හරියන මොලේ කලඳක් නැති ජනාධිපතියෙකුයි ඉන්න රටක් මේක

:       1       10

fairoos Wednesday, 09 February 2022 01:24 PM

දැන් සැපද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site