IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වෛද්‍ය පීඨයේ සිද්ධියට තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

 රාගම   වෛද්‍ය  පීඨ නේවාසිකාගාරය තුළ දී  ඉකුත් දා සිදු වු සිද්ධියේ දී   පහර කෑමට ලක්ව    මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි   තෙවන වසරේ සිසුවාට (සැකකාර සිසුවාට) පහර දීම  සම්බන්ධයෙන්     සිසුන් සිව්දෙනකු අද   (3)  පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ      වෛද්‍ය පීඨයේ  සිව්වන වසරේ සිසුන් සිව්දෙනක්  බවද   ඒ මහතා කීය.

අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා  වත්තල    අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රුපියල් 2000 බැගින් වු මුදල් ඇප හා  රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියම විය.

 ලබන  7 වැනි දින  යළිත් අධිකරණයේ පෙනී සිටීමට මෙම සිසුන්ට නියම විය.

මීගමුව රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින සිසුවා තමාට  සිව්වන වසරේ සිසුන් සිව් දෙනෙකු පහර දුන් බවට  පොලිසියට කර තිබු පැමිණිල්ල  අනුව    පරීක්ෂණ පවත්වා  ඉහත සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවද    තල්දූව මහතා කියා සිටියේය.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව දෙකම පොලිසියට වෙත පැමිණි කර ඇති බවත්,  එම පැමිණි දෙකම  සම්බන්ධයෙන්ම  විමර්ශන සිදුකරන බවද   හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

වෛද්‍ය පීඨයේ සිද්ධියට තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site