
(දයාරත්න ඇඹෝගම සහ ගයාන් සූරියආරච්චි)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසනයක් සිදුකළ පුද්ගලයාගේ වැඩිමහල් සොයුරියද ඊයේ(12)දින රාත්‍රියේදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව,නව නගරයේ පදිංචි 37 හැවිරිදි විවාහක කාන්තාවකි.
වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදුකොට එදින රාත්‍රියේ සැකකරු නවාතැන් ගෙන ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරියගේ නිවසේ බ වට පොලිසිය විසින් තොරතුරැ අනාවරණය කොට ගෙන තිබුණි.
එහෙත් එම කාන්තාව විමසා සිටියද පොලිසියට ඒ සම්බන්ධ නිසි තොරතුරක් ලබානොදි අපරාධකරැවෙකුට රැදි සිටිම සදහා ආධාර අනුබල දිමේ චෝදනා මත අනුරාධපුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
සහෝදර ප්‍රේමය... සහ මෝඩකම...
මේසපන්දු මහතාට රැකවරණය සලසන මහත්ම මහත්මීන් හටද මේ ඉරණමම අත්කරදී නීතිය සැමට සම බව අවධාරණය කිරීමට බලධාරීන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු...!
මේ පුද්ගලයා දොස්තරගේ නිවාසයට පැමිණ දොරට තට්ටු කර කියා තියෙනවා මම හමුදාවෙන් පැනලා ආපු කෙනෙක් මට දොර අරින්න කියා... ඒක අහලා දොර ඇරලා ඒ මිනිහා ඇතුලට ගත්තේ ඇයි..? ඒ වැඩ නිසා දොස්තර වැරැදි කරුවෙකුට නවාතැන් දීම නීතියෙන් වැරැද්දක් නොවෙයිද?
මේ කාන්තාව තමන්ගේ සහෝදරයා පොලිසියට පවා නොදීම, පුදුමයට කරුණක් නොවේ...!