
(විමුක්ති එස් රුද්‍රිගු)
වතුකරයේ තෝරාගත් පාසල්වලට "ස්මාර්ට් පන්තිකාමර 60" ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඉන්දීය රජය ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5080 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ ඇති නුවරඑළියේ දිස්ත්‍රික්කයේ පාසල් 48ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 6 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 6 ක් සඳහා මෙම "ස්මාර්ට් පන්තිකාමර 60" ලබාදෙන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.