
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රමාදය සම්බන්ධයෙන් දඩ මුදල් අය නොකිරීමට හේතු සැප්තැම්බර් මස 30 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස එම නිවේදනය සඳහන්ය.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
2026.06.30 වන දිනෙන් පසුව එනම් නියමිත දිනය පසුවී (2026.08.31 දින දක්වා) ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදලක් අය කිරීම නීත්‍යානුකූලව සිදු කළ යුතුව ඇත.
කෙසේ වුවද, එසේ පරිපාලන දඩ අය කර ගැනීමට පෙර එම ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් තිබේනම් එම සාධාරණ හේතුව කොමිෂන් සභාව වෙත දැන්වීමේ අවස්ථාව ලබා දීමට කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත. ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු එහෙත් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ නියමිත දිනට ප්‍රමාද වී ඉදිරිපත් කළ තැනැත්තකු වේ නම් එම ප්‍රමාදය සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදලක් අය නොකිරීමට හේතු 2026 සැප්තැම්බර් මස 30 දින හෝ ඊට පෙර ලිඛිතව (තහවුරු කිරීමේ ලේඛන තිබේ නම් ඒ සමග) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය.
එසේ යොමු කිරීමේදී, ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය එම හේතු දැක්වීමේදී සඳහන් කර තිබීම අනිවාර්ය වන අතර 2026 සැප්තැම්බර් මස 30 දින වනතුරුත් කොමිෂන් සභාව වෙත හේතු දැක්වීමක් නොලැබුනේ නම්, ප්‍රමාදය පිළිබඳව දැක්වීමට හේතුවක් නොමැති බව සලකා පරිපාලන දඩ අය කර ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ.
❖ හේතු දැක්වීම ඉදිරිපත් කළ යුතු විෂය :
• තැපෑලෙන් නම් : “ප්‍රමාද වීමට හේතු දැක්වීම” ලෙස ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර සඳහන් කරන්න.
• විද්‍යුත් තැපෑලෙන් නම් : “ප්‍රමාද වීමට හේතු දැක්වීම” ලෙස Subject හි සඳහන් කරන්න.
❖ ආයතනික ලිපිනය : අධ්යක්ෂ (වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය),
නො.36, මලලසේකර මාවත, කොළඹ 07.
❖ විද්‍යුත් ලිපිනය
❖ දුරකථන/ ෆැක්ස් අංකය
: 0112587287
❖ වට්ස්ඇප් අංකය
: 0767011954

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වතාවක වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත දිනයට පෙර ඉදිරිපත් නොකිරීමට (බොලද) හෙතුවක් ලෙස, මැදමූලන චෞර හැරමිටි මයිනා, දෙපැත්තෙන්ම හිනායන රාජකීය excuse එකක් අදාල දෙපාර්තමේන්තුවලට යවා තිබුණ බව අප බොහෝ මාධ්‍ය හරහා දැන ගත්තා ... එය මෙසේය : තවමත් මගේ සියළුම ආදායම් වියදම් ලැයිස්තු ගණනය කර පරික්ෂා කිරීම අවසන් කිරීමට නොහැකි විය. එනිසා මට තව ටික කාලයක් දීර්ඝ කර දෙන මෙන් ඉල්ලා සිටිමි. මෙයින් පැහැදිලි වන්නේ ලොක්කාගේ ධනස්කන්දයෙ දිග පළල කෙතරම් නම් කියාද යන්න එයාවත් නොදන්නා බව නොවේද??? මෙය ප්‍රබන්ධයක් නොවේ, සත්‍ය වශයෙන්ම සිදු වුන සිද්ධියක් බව කරුණාවෙන් සලකන්න. මෑන් රටේ ලොකු පුටුව රත්කල කාලයේදී වුවද එවැනි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් සහ මයිනා විසින්ම අදාල දෙපාර්තමේන්තුවලට පත්කල හෙන්චයියාලා පමණකි... නැත්නම් මිනිහා සමහරවිට එවකටත් රටේ ජනාධිපති කියන සිහින ලොවේ පාවෙමින් සිටියාද කියා කවුද දන්නේ.