
(මහින්ද නිශ්ශංක )
උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුපියල් 220 ක් මිල නියම කර තිබෙන සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අළෙවි කිරීම හේතුවෙන් මෙම ලක්ෂ 10 ක දඩය අධිකරණය මගින් නියම කර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට බවද අධිකාරිය සදහන් කරයි.
මෙයට අමතරව වැඩි මිලට සහල් අළෙවි කළ පිටකොටුව වෙළෙඳ සමාගමකට රුපියල් 750,000 ක දඩයක් මාලිගාකන්ද අධිකරණය මගින් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩි මිලට සහල් විකුණූ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 10 ක දඩයක්
නන්දන Friday, 31 January 2025 02:35 PM
ලොකු ජයග්‍රහණයක්. මම වෙළදසැල් හිමියෙක් නම් කරන්නේ වහාම සහල් වෙළෙඳාමෙන් ඉවත් වන එක... පොල් කඩන උපාධි අරගෙන තනතුරුවලට පත් වෙලා මේ ගොල්ලෝ කරන්නේ මේවා තමයි. එහෙම නැතුව කාටවත් පනින්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදලා ක්‍රියාත්මක කරන්න දන්නේ නැහැ. උපරිම සිල්ලර මිලක් ලකුණු කෙරුණාට රජයත් රුපියල් 60ක බද්දක් අයකරලා ඒ මිලට සේවක වැටුප්, ප්‍රවාහන, කඩ කුලී, විදුලි බිල්, බැංකු ගාස්තු, ගෙවා සාමාන්‍ය ලාබයක් තබාගෙන සහල් විකිනීමට හැකිදැයි බලන්න. සියළු වියදම් ව්‍යාපාරිකයාගෙන් විකුණුම් මිල පමණක් රජයෙන්. පුදුම රටක් මේක. ඊළඟට කියනවා දත්තයන් නැතිලු. මට පෙනෙන්නේ දත් ඇවිල්ලත් නෑ වගේ තාම බබාලා...
විමලසිරිSaturday, 01 February 2025 06:34 AM
අදහස හරියටම හරි මෙහි තියෙනවා සහල් වලට බද්දක් අයකරනවා කියලා ඒකත් හරි... ඉන් පස්සේ ඔවුන්ගෙන් ආදායම් බදු වගේ බදුත් ගන්නවා (මෙම වැටලීම් කරන අයට අතයටින් ගන්න දේවලුත් වෙළදාම කරන අයට වැරබරක් වෙනවා කියලා දන්නෝ දන්නවා) රජයට ලැබෙන බදුවලින් මේ වැටලීම් කරන අයට වැටුප් හා දීමනා ගෙවනවා...