
(ඉන්දික අරුණ කුමාර සහ රුමේෂ් එම්.වීරසේකර )
මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ - ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි ඇත් පැටවකු දඩයක්කරුවෙකුගේ වෙඩි පහර කිහිපයකින් මියගොස් ඇතැයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි.
මොරගහකන්ද - කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයේ මාර්ගය අසළ මියගොස් සිටියදී මෙම ඇත් පැටියා හමු වූ බව ඇළහැර අඩවි ආරක්ෂක කාර්‍යාලය සඳහන් කළේය.
වෙඩි පහරවලට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 6-8 ක් පමණ වයසැති ඇත් උස අඩි 6ක් පමණ වන කුඩා ඇත් පැටියෙකු බවත් එම ඇත් පැටවාගේ හිසට වෙඩි පහර 08ක් පමණ තබා ඇති බවට තහවුරු වී ඇති බවත් ඇලහැර අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් කියයි.
(ඡායාරූපය -රුමේෂ් වීරසේකර)
COMMENTS
අවුරුද්දක් ඇතුළත හෝ උපරිමයෙන් අවුරුදු හතක් ඇතුලත ඔය ප්‍රදේශයේ අකුණුවැදීම නිසා කෙනෙක් හෝ කීප දෙනෙක් මියයාවි. විමසිල්ලෙන් බැලුවොත් ස්වභාව ධර්මයාගේ දඩුවමක් බලන්න පුළුවන් වේවි
ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ රටේ නිතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි. මේ වගේ අහිංසක වන සතුන් නිරපරාදේ මේ වගේ කාලකන්නි වැඩ නිසා ජීවිතය නැති කරගන්නේ. අපේ රටට තියන කොච්චර දුර්ලභ වන සම්පතක් ද මේක. මේ වගේ අලි පැටව් මිනිස්සු වගේ ලක්ෂ ගණන් වලින් බෝ වෙන්නේ නැහැ. ඉතාම කලාතුරකින් . මාලිමා රජයක් යටතේ වන සම්පත ආරක්ෂා කර ගැනීමට නිසි වැඩ පිළිවෙලක් බලාපරොත්තු වෙමි. මේ පුවත පළකරාට ලංකාදීප පුවත් පතට ස්තුතියි.
වෙඩි තියපු අධමයාට හෙන 7ක්ම වැදීයන්...!!!