(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැඩබලන්න ඇමතිවරු හතරක්
අරවින්ද මොනරවිල Wednesday, 13 September 2023 11:18 AM
වැඩකට නැති, වැඩ බැරි, වැඩ බලන ඇමතිලා.
Pradeep Kumara Wednesday, 13 September 2023 12:55 PM
කොහොමත් අපේ රටේ ඉන්නේ වැඩ බලාගෙන ඉන්න ඇමැතිලා තමයි. වැඩකරන අය තමයි නැත්තේ...!
මැක්ස් Wednesday, 13 September 2023 01:10 PM
කාන්තා කටයුතු පැස්කුවල් මහතාගෙන් ඉවත් කරලා ඊට අරවින්ද මොනරවිල වැඩ කරන මහතා පත්කරන්න කටයුතු කරමින් අලුත් ආදර්ශයක් දීමට ජනාධිපතිවරයාට ලැබුණු මහඟු අවස්ථාවක් එතුමා පැහැර ඇති සෙයකි...!
සල්ලි Wednesday, 13 September 2023 04:55 PM
වරු කියන්න තරම් ගරු කටයුතුද?