IMG-LOGO

වෙඩික්කරුට නවාතැන් දුන්නැයි බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

ගලපිටමඩ දුනුමාල හංදිය ප්‍රදේශයේ දී  ඉකුත්  ජුලි මස 14දින  පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේ  සැකකරුට  නිවසේ නවාතැන් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  බන්ධනාගාර සැරයන්වරයෙකු  කොළඹ   අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු  එහි සැකකරු වන "චතුවා"    නමැත්තා  ට  බන්ධනාගාර සැරයන්වරයා රාජගිරියේ පිහිටි ඔහුගේ තෙමහල්  නිවසේ  දෙවන මහලේ නවාතැන් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන්  චතුවා  නමැත්තා  කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන  රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී බව හෙළිකර ඇත.

ඒ අනුව අපරාධ කරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන්   සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ  අපරාධකරුවන් රැසක් මෙහි නවාතැන් ගෙන සිටි බවට සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත.



අදහස් (4)

වෙඩික්කරුට නවාතැන් දුන්නැයි බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

Bunny Preena Wednesday, 20 September 2023 02:22 PM

නීතිය සාමය අරක්ශා කරන්න කැප වෙලා වැඩ කරන අනෙකුත් ප්‍රතිපත්ති ගරුක අවන්ක නිලදාරින්ටත් මොහු කරල තියෙන්නෙ ලොකුම ලොකු අපහාසයක්. ‌මොහු වැනි නින්දි පුද්ගලයින්ට දඩුවම් පමණක් නොවෙයි ඔවුන්ගෙ ප්‍රජා අයිතියත් අහොසි කල යුතුයි.

:       0       0

Ahmed (Gulf) Thursday, 21 September 2023 12:02 AM

මේ මොකවත් නෙවෙයි බන්ධනාගාර නිලධාරීන්, සිරකරුවන් යොදාගෙන ගෝත්‍රික අපරාධ කරන්න

:       0       0

ලසන්ත Thursday, 21 September 2023 06:11 AM

ග්‍රාම නිළධාරින්ට වන නිළධාරි බලතල දෙන්න හදනවා වගේ බන්ධනාගාර නිළධාරින්ට සැකකරුවන් තමන්ගෙ නිවාසවල නවතාගන්න අවසර දෙන්න බැරිද

:       0       0

Bunny Preena Thursday, 21 September 2023 09:35 AM

නෑදෑ කමට නවාතැන් දුන්නාවත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site