
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති පරිසර සම්මාන උළෙල (2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විණි.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය සඳහා එහිදී විජය පුවත්පත් සමාගමට සම්මාන තුනක් හිමි වූ අතර ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හොඳම පරිසර මාධ්‍යවේදීයා සඳහා වන රන් සම්මානය ඩේලි මිරර් පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා හිමි කර ගත්තේය.
විජය ළමා පුවත්පතට විශේෂ ජූරි සම්මානයක් හිමි වූ අතර හොඳම පෞද්ගලික ආයතනයට හිමි පරිසර කුසලතා සම්මානය විජය පුවත්පත් සමාගමේ හෝකන්දර ශාඛාව හිමිකර ගත්තේය.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා ඔහුට හිමි සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගත් අවස්ථාව සහ විජය පුවත්පතට හිමි වූ සම්මානය විජය පුවත්පතේ සහ අද පුවත්පතේ කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතා ද විජය පුවත්පත් සමාගමේ හෝකන්දර ශාඛාවට හිමි වූ සම්මානය එහි ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු නිහාල් ගුණරත්න මහතා ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා අතින් ලබා ගත් අවස්ථාව ඡායාරූප වල දැක්වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ද මෙහි සිටී.
(ඡායාරූප:- ගයාන් අමරසේකර)




COMMENTS