IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් තවම නෑ

(නිමන්ති රණසිංහ)

එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද (28) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් සදහා නැවත සිහි කැඳවීමක් යොමු  කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සිද්ධිය  ලබන ජූනි මස 10 වනදා එතෙක් කල් තැබීමට නියෝග කළේය.

2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දක්වමින් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළිනඟා  සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ .



අදහස් (3)

විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් තවම නෑ

Bandara Friday, 28 January 2022 11:44 PM

මේ වගේ මෝඩයින්...!!! 

:       0       1

චන්දිම Saturday, 29 January 2022 07:36 AM

නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පවරන විදියට උසාවියේදී පහසුවෙන් ඕනෑ කෙනෙක් රිංගලා යනවා නේද..?

:       0       1

Bamunuarachchi Saturday, 29 January 2022 10:06 AM

කල් අරින්න එපා මේ නඩුවලට මුල් තැන දෙන්න රන්ජන්ගේ නඩු පහුවුණාට කමක් නැහැ. මොකද හාදයා කූඩුවෙනේ ඉන්නේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site