IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට

(රෝෂන් තුෂාර)

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නඩුවේ කරුණු අද තහවුරු කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය  .

කඩුවෙල දිසා අධිකරණය මගින් රාජපක්ෂ මහතාගේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්  වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගයන්ට අගති රහිතව මෙම නඩුවේ කරුණු තහවුරු කිරීමට හැකි බව පෙන්වා දුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා පුරවැසියන්ට නීතියේ රැකවරණ ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතියට ගරු කරමින්  විත්තිකරුවන්ට එරෙහි වාරණ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට  පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකාර  රාජපක්ෂ මහතාට සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන තමන්ට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

(14) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් කියා සිටියේ කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය සලකා බැලිය යුතු බවය.



අදහස් (2)

විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට

Aravinda Monarawila Wednesday, 15 May 2024 11:27 AM

අන්තෝ ජටා, බහි ජටා කිව්වලු, ඒ වගේ තමයි මේකත් බණ්ඩාරනායක මහත්තයා අද ජීවත්වෙලා හිටියා නම් සියදිවි නසා ගන්නවා ... මේ කරන අපරාධය දැකලා...!

:       1       6

Nadeera Wednesday, 15 May 2024 02:30 PM

කඩුවෙල අධිකරණයේ ඇති විශේෂත්වය මොකද්ද? ගොඩක් දේශපාලනික තීන්දු එම අධිකරණය හරහා නිකුත්කරනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත


නූතන පටාචාරාවක් කැබිතිගොල්ලෑවෙන්
2024 මැයි මස 29 1250 0

මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා


අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි
2024 මැයි මස 28 1766 0

හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.



සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක්
2024 මැයි මස 28 482 0

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන


පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා
2024 මැයි මස 28 463 0

කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිංගිරිය ප්‍රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 996 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2188 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site