IMG-LOGO

විකෘති ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳෙනවා

අලුතින් නිර්මාණය වන 'කොවිඩ් 19' නව විකෘති ප්‍රභේද, 'කොවිඩ් 19' මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතිනවා යැයි ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.

ඒ අනුව, ඉදිරියේ දී බිහිවන 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද, වාතය මගින් ව්‍යාප්තවීමේ අවදානමක් පවතිනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි. 'සාමාන්‍යයෙන් වයිරසයක ස්වභාවය වෙනස් වීමයි. පරිණාමය වීමයි. කොවිඩ් 19 එසේ මෙසේ වයිරසයක් නොවෙයි. එය අප හිතනවාට වඩා ඉක්මණින් වෙනස් වෙනවා. අප එන්නත් නිපදවද්දී, වයිරසය ඒවාට ප්‍රතිරෝධයක් දක්වමින් වෙනස් වෙනවා. ඉදිරියේ දී කොවිඩ් 19 විකෘති ප්‍රභේද වාතයෙන් පැතිරෙන්න පටන් ගනීවි' යැයි අධ්‍යයන වාර්තාව සකස් කළ ආචාර්ය ඩොනල්ඩ් මිල්ටන් පැහැදිලි කර තිබේ.

'කොවිඩ් 19' වයිරසය ආසාදිතයකුගෙන් නිරෝගී කෙනකුට ආසාදනය වන්නේ නාසයෙන් සහ මුඛයෙන් පිටවන විෂ බීජ අංශු නිරෝගී තැනැත්තාගේ නාසයෙන් ඇතුළු වීමෙනි. වයිරසය මීටරයක දුරක් වාතයේ පවතී. සමාජ දුරස්ථභාවය වැදගත් වන්නේ මේ නිසාය. කෙසේ නමුත් වාතයේ වැඩිවේලාවක් රැඳී පවතින්නේ නම්, මීටරයක දුර මින් ඉදිරියට ප්‍රමාණවත් නොවනු ඇති බව වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

'කොවිඩ් 19' නව විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස් දෙකක් පැලඳීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ මේ නිසාය. මේ අතර අලුතින් සොයා ගන්නා 'කොවිඩ් 19' විකෘති මෙතෙක් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් අඩපණ කළ නොහැකි බව ද වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (2)

විකෘති ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳෙනවා

Sriland Sunday, 26 September 2021 02:41 AM

කොරෝනා ගැන අනුන්ට බන කිව්වට ඇමරිකාවේ කව්රුත් වැක්සින් ගහන්නේ නෑ .නෝ මාස්ක් ,අනිත් අය කොරෝනා ප්‍රවර්ධනය කරනවා

:       2       3

Narada Sunday, 26 September 2021 05:46 AM

"මේ අතර අලුතින් සොයා ගන්නා 'කොවිඩ් 19' විකෘතිය මෙතෙක් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් අඩපණ කළ නොහැකි බව ද වාර්තා වේ". අවසානයේ සත්‍යය එයයි ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 344 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site