(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මහපොළොවේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් පනත් සම්මත කිරිල්ලෙන් වැඩක් නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වංචා දූෂණ තව තවත් පැටවු ගසමින් සිටින බව කී මන්ත්‍රීවරයා   වංචා දූෂණ නතර වන්නේ  නැතිනම් පාර්ලිමේන්තුවේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි කීය.

"ඡන්ද පනත් ගේනවා.ඒත්  ඡන්ද නැහැ. දූෂණ වංචා පනත් ගේනවා.නීති පනත් ගේනවා. නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නීතිය වල් වැදිලා යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.