( ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය එම තරගාවලියේ ජයග්‍රාහී කිරුළ දිනාගෙන අද(26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා ය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.
ඇන්ජලා විමලසූරිය කොළඹ , හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .
ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන 01/26 දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
ඇය පිළිගැනීමට ඇයගේ පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දණගාන වයසේ අයටත් රූ රැජිණ එකක් විතරයි අඩු. ආ තව ටිකෙන් අමතක වෙනවා. වයස සීය පැනපු ආච්චිලාට ලෝක රූ රැජිණ එකකුයි, සීයා පැනපු සීයලාට මොඩ්ලින් තරඟෙකුයි ඕනෑ.
කටේ කිරි සුවඳ තියෙන පොඩි උන්ට මේ කරන විපරිත. මේ දරුවන්ගේ දෙමාපියන්ට මොලේ අමාරුවක්ද මන්දා. මේ වගේ නාඩගම්වලට දරුවන් මෙහෙ යවලා කවදා හෝ වෙන විපැත්ති මේ අයට නොපෙනෙන එක හරිම කනගාටුවක්.
වැඩිහිටියන් ළමයින්ගේ ළමා ලෝකය උදුරාගෙන ඇත.
ළමයින්ව ගාවගන්න එපා..
අයියෝ පොල්..අයියෝ හාල්..විකාර වලත් සීමාවක් තියෙන්න ඕනෙ ළමයෝ. අද කාලේ විහිළු වලට හිනා යන්නේ නෑ අප්පා.. බණ්ඩා
ඒ මදිවට පුහුණු කාරියෙකුත් ඉන්නවලු.
බාල වයස්කාර දරුවන් යොදාගෙන කරන මේ විගඩම්වලට තිත තැබිය යුතුයි.
ජය වේවා
ඇත්තටම මේ ළමයා ලස්සනයිද?
නගේ මලේ මොනවද ඔය විච්චූරන නාඩගම්..//
මෝඩයෙක්
ඇය හරිම ලස්සනයි