(සුජිත් හේවාජුලිගේ)
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.
වෙන්දේසියේ විකිණීමට ප්‍රථම පළමුවෙන්ම එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
චීනයේ මැණික් වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.
මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමි වන බවද ඔහු කීවේය.
රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.
මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.
COMMENTS
හොදයි
"චීනයේ මැණික් වෙන්දේසිය...." මේකට ලැබෙන්න ඕනි වටිනාකමයි , ලැබෙන වටිනාකමයි හිතා ගන්න පුළුවන්නේ ඉතින් .
මම අහලා තියනවා ලංකාව වැනි රටක හමුවෙන "තක්කඩි මැණිකකට" කළු සල්ලි සුදු කිරීමේ හැකියාවකුත් තියනවා කියලා. චීනයේ පැවැත්වෙන ඒ මැණික් වෙන්දේසියට කොන්ඩේ බැඳපු චීන්නුත් සමග අපේ ඩේසි ආච්චිත් එනවා කියල තමයි ආරංචිය??
මෙතන පොඩි ඩ්‍රාමා එකක් යන්නේ කියල හිතෙන්නේ මට විතරද?
මේක චීන වෙන්දේසියේ දාන එක නම් සෑහෙන්න හිතන්න ඕනේ කරුණක්... බටහිර යුරෝපයේ, ඇමරිකාවේ වෙන්දේසිවලට යවන්න බැරිද? නැත්නම් අඩු ගාණට ඕක වෙන්දේසියෙන් අරන් ඩේසි ආච්චිගේ මැණික් මල්ලට එකතු වෙනවා ෂුවර්...
ඕක විකුණලා ලැබෙන මුදලිනුත් අර කට්ටිය කුට්ටියක් ගහගනීවිද පුරුදු විදිහට...?
සාටක කාරයින්ගෙන් පරිස්සම් වුණොත් හොඳයි දැන්ම...
තවත් චූඩා මාණික්‍යය වගේ ගේමක් මේක... අහිංසක මිනිහා එළවලා දාලා කරන වැඩක්... ඒ ඉඩම් වලින් ගොඩගත්තු ඒවා තමයි. ඊළඟ ජනාධිපතිවරණයට පාර කපනවා.
මැණික විකුණුවට පසු ආණ්ඩුවට පුළුවන් මේ මැණික් මුදලාලිගෙන් ඩොලර් ණයට ගන්න...
අර කැලණියේ වගේ ගුණ්ඩුවක්ද මේ..? ඔය මැණික් පස්සේ ලොකු නාගයෙක් ඉන්න පුළුවන් රජ වෙන්න බලාගෙන...
හරකුන්ට පුන්නක්කු...
මම හොඳට හඳුනන රත්නපුරේ මැණික් වෙළඳාමේ යෙදෙන මගේ හිතවතෙකුගෙන් මේ ගැන විමසුවා.ඔහුගේ මතය අනුවනම් මේ ගල ඔය කියන තරම් වටිනාකමක් ඇති එකක් නොවෙයි. වැඩිම වුනොත් රුපියල් ලක්ෂ දෙක තුනක් වෙයි " කියලයි ඔහු මට පැවසුවේ. අපි බලාගෙන ඉමු දැන් " සාටක කට්ටිය මොකාටද " එන්නේ කියලා.
මැණික ගෙනියන්නේ ලොකු අප්පච්චිලා රටට. ලෝක මැණික් වෙන්දේසිය ඒ රටේ තියෙනවා කියලා ඉතිහාසයටම ඇහුවාමයි ... සමහර වෙලාවට ගත්තු ණයට හිලව් කරගන්න බැරි නැහැ.
මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් කරන පට්ට පල් බොරුවක් බවත්, මේ පිටුපස වෙනත් වටිනා මැණික් රටින් පැන්නීමේ වැඩ පිළිවෙලක් ඇති බවත්, මෙය මියගිය මැණික් සහිත ගලක් බවත්, ඕනෑ නම් කෞතුකාගාරයක් සඳහා ලක්‍ෂ 10 කට විකිණිය හැකි බවත් රජයේම තක්සේරුකරුවන් පවසන බව වාර්තා වේ.
69 ලක්ෂය සතුටින් හුරේ තියන මේ මොහොතේ කැලේ ගස් සහ කොළඹ ඉඩම් වගේද මේ වගේ මැණික්..?. සෞභාග්‍යය දිනෙන් දින අත් විඳින්නේ දෙවියන්ට හෝ කාට හෝ පින්සිදු වන්නටනේ... හැමෝම ගොඩ දැන්...