
(කේ. බුද්ධික කුමාරසිරි)
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය ලොරියේ හැපී ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇති පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වෙද්දීය.
මියගොස් ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ලක්මිණි බෝගමුව නමැති 24 හැවිරිදි කථිකාචාර්යවරියයි.
ඇය රැකියාවට යෑම සඳහා වික්‍රමසිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරුවීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී ඇති බවත් ඒ අවස්ථාවේදීම ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
‘‘2017 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යව වෙච්ච ලස්සන ගෑනු ළමය කවුද කියල එදා හැමෝම කතා වුණා. හැමදේටම දක්ෂ ඔයා කොහොමද මේ විදියට අපිව තනි කරලා ගියේ” යනුවෙන් ඇය වෙනුවෙන් ලියපු වදන් වලින් මුහුණු පොත පිරී ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක වූ ලක්මිණි චූලෝත්තමා බෝගමුව (27) අද නිසලව පෙට්ටියක් මත උඩුකුරුව සිටින ආකාරය දැක ඇයගේ සමීපතමයෝ කිසිවක් සිතාගත නොහැකිව කඳුළු සලති.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යානාංශයේ සහකාර කථිකාචාර්යවරිය වූ ලක්මිණි බෝගමුව (27) දියණිය බත්තරමුල්ල, වික්‍රමසිංහපුර මංසන්ධිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම දෙනෙත් පියාගෙන අවසන්ය.
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබා දුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමට ද ඇය සමත් වූවාය.
තමන් සමග එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද නොමද ආදරය දිනාගත් තරුණියක වූ ලක්මිණි බෝගමුවට මුහුණ දීමට සිදු වූ හදිසි අනතුර සම්බන්ධව සියලු දෙනා සිටින්නේ දැඩි ශෝකයෙනි.
කෙසේ වුවද දැන් ඇය ජීවිතය හැරගොස් අවසානය. ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් 10 පටුමග වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී සිදුකර අවසන් කටයුතු අද (21) සවස 5 ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

COMMENTS
නිවන් සුව ලැබේවා!!!
දවසකට රිය අනතුරු නිසා වගේම නොයෙකුත් අනතුරු වලින් තරුණියන් මිය යනවා.ඒ අය වෙනුවෙන් මේ වගේ ප්‍රවෘත්ති පල නොවෙන්නේ ඔවුන් කොළඹ අය නොවන නිසාද ?නැත්තන් ඒ අයට උපාධි නැති නිසාද?නැත්තන් ඒ අයගේ පියවරුන් කථිකාචාර්යවරුන් නොවන නිසාද?
කරුණාකර උදේ පාන්දරම මේ ප්‍රවෘත්ති තමයි අහන්න වෙන්නේ.
මතු උපදින කිසිඳු භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා. ඔබගේ භව ගමන දුර වැඩි නොවේවා..!!
නොහික්මුණ ලොරි රියැදුරකු නිසා දීප්තිමත් අනාගතයකට හිමිකම් ලැබූ ලක්මිණී දියණිය අකාලයේ මිලිනවිය. මෙවන් විපත් කිසිවෙකුට සිදුනොවේවා !
තලවතුගොඩ ගනේලන්ද විහාරයේ දහම් පාසල් ආචාරවරියක් ලෙස දරුවන්හට කළ සේවය ද සදා අමරණීයයි. ඔබට නිවන් සුව අත්වේවායි අප පතමු.
දැන් මෙතන බොරුවට ගුණකථන කරලා වැඩක් නැහැ... වටිනා ජීවිතයක් මාරයා බිලිගෙන හමාරයි... මහපාරේ අඩියෙන් අඩිය පොලිසිය හිටියත් නොහික්මුණු රියැදුරන් ඉබාගාතේ රිය ධාවනය කරන එක සුලභ දර්ශනයක්... රියදුරු පුහුණු පාසල් වල මහපාරේ ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කරනවාද..? මහපාරේ වාහන වලට වඩා, මගියාට ප්‍රමුඛත්වය දීමයි සිදුවිය යුත්තේ... ත්‍රී වීලර් රථ රියදුරන් මෙන්ම සුඛෝපබෝගී වාහන පදවන්නන් දක්වා තිබෙන්නේ..., පුදුම නොහික්මුණු කඩි කුලප්පුවක්... ඊට හේතුව, ලාංකික මනුස්සයින්ගේ තියන අවිනීතකම හා අශිෂ්ඨ කමයි. හීනමානයෙන් යුත් ලාංකික ජනතාවට වාහනයක් අතට ගත් සැනින් ලොකුකම ඉහට ගහනවා... ඇයි මේ විකුර්ති ජාන සහිත මිනිසුන් ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය තුළ කතා නොකරන්නේ..? විශේෂයෙන්ම ලංකාවේ පෞද්ගලික බස්රථ ප්‍රවාහනය නම්, තහනම් කළ යුතුමයි.
භද්‍රානි කියන දේ හරියටම හරි. ආගමට, සාරධර්මවලට, ගුණධර්මවලට මිනිස්සු හික්මවන්න බැහැ. මිනිස්සු ඒවාට බිය නැහැ. තිබිය යුත්තේ දැඩි නීතිය වන අතර එය සැමට සමානද විය යුතුයි.
බොහෝ දෙනෙකුගේ වාහනවල කැමරා සවිකර තිබෙනවා. නොහික්මුණු රියැදුරන් පාරේ නීති නොතකා රථ ධාවනය කරන හැටි ඕනෑතරම් අපි කාගේත් කැමරාවල සටහන් වෙනවා. සමහර බස් ලොරි රියැදුරන් සීමා ඉරි ඉතා පැහැදිලිවම කපාගෙන පාර ඔවුන්ට රිසි පරිදි, අසාධාරණ ලෙස අපගේ ඇඟට කපාගෙන එන හැටි ඕනෑතරම් අපේ කැමරා ඇසට හසු වෙනවා. දැන්වත් මේ දෘශ්‍ය තොරතුරු පොලිසිවලට ලබාදීමට ක්‍රමයක් තියෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ...!