(රංජිත් රාජපක්ෂ)

මිරිගම සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු ලොරි රථයක් පැවති වර්ෂාවත් සමග ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටිම නිසා අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථය ප්‍රදේශයේ පැවති වර්ෂාවත් සමග ලිස්සා ඉදිරියට ඇදි ගොස් ලොරි රථය උමං මාර්ගයේ ගැටි නතර වි ඇති බවත්, අනතුරෙන් කිසිවකුට තුවාල සිදු වි නොමැති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.