
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍යයේ විදෙස් ඇමැතිවරයා, ජනාධිපති ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කර ඇත.
කෙංග්‍රසය අමතද්දී, ට්‍රම්ප් සිය පාරිපාලනය මැදිහත් වී, ඇමෙරිකන් ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක, ‘නාස්තිකාර’ විදෙස් ආධාර වැඩසටහන් ගැන පැහැදිලි කළේය. මේ වනවිට එවැනි ආධාර වැඩසටහන් බොහොමයක් නවත්වා දැමීමට ට්‍රම්ප් තීරණය කළ තිබේ.
එම ආධාර වැඩසටහන් යටතේ, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක්, ලෙසතෝ රාජ්‍යයට ලබා දී ඇත්තේ, එරට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා, සමරිසි පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටය.
‘අප්‍රිකාවේ ලෙසතෝ කියන රටට, අපි ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක් ආධාර ලබා දී තිබෙනවා. ලෙසතෝ කියා රටක් තිබෙනවා ද කියලවත් මම දන්නේ නැහැ. ඒක කොහෙ තියෙන රටක් ද? ඒ රටේ සමරිසියන් වෙනුවෙන්. ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කිසිම වැඩකට නැති ව්‍යාපෘති සඳහා යොදවලා.’ යැයි ට්‍රම්ප්, කොංග්‍රසය අමතමින් පැවැසීය.
ලෙසතෝ රාජ්‍යයේ අප්‍රසාදය මෙම ප්‍රකාශයට යොමු වුණු අතර, ලෙසතෝ විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තහ රටට අපහාසයක් වුණු බවය.
‘ඇමෙරිකන් ජනාධිපතිතුමා කියනවා, ලෙසතෝ කියලා රටක් තිබෙනවාදැයි ඔහු නොදන්නා බව. ඇමෙරිකන් ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය අපට සිත්තැවුලක්. අපහාසයක්. මා රජය වෙනුවෙන්, ඇමෙරිකන් ජනාධිපතිතුමාට ඇරයුම් කරනවා. එන්න. ලෙසතෝ රාජ්‍යයට ඇවිත්, අපේ රට දැක ගන්න.’ යැයි විදෙස් ඇමැති ජෝන් පොට්ජෝනේ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ලෙසතෝ රාජ්‍යය පිහිටා ඇත්තේ, අප්‍රිකා මහද්වීපයේ, දකුණු අප්‍රිකාවට මැදිවය. ලෙසතෝ ජනගහනය මිලියන දෙකකි. ලෙසතෝ යන්නෙහි අරුත ‘අහස් රාජ්‍යය’ යන්නය. අප්‍රිකාවට අයත් ඉතාමත් සුන්දර රාජ්‍යයක් ලෙස ලෙසතෝ සැලකෙයි.
(BBC)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා
රුවන් Thursday, 13 March 2025 04:26 PM
ලංකාවටත් වඩා පොඩි ඇබිත්තං රටට පුළුවන් ද ලෝක බලවතා එක්ක හැප්පෙන්න? අන්න අච්චර ලොකු කැනඩාවත් පරාජය බාරගෙන...
සුධීරThursday, 13 March 2025 05:55 PM
මෙයාට කැනඩා වීසා නොලැබුණ නිසා දුකට කියන කතාවක්. කැනඩාව අමෙරිකා එක්සත් ජනපදයට දෙන දඬුවමත් ලේටස්ට් නිවුස් කියවලා බලන්න...
ජිල්බු Thursday, 13 March 2025 05:07 PM
තමන් දන්නැත්තං එහෙම දෙයක් ලෝකෙ නෑ කියලා හිතං ඉන්න තවත් අති පණ්ඩිත සීයෙක්.
Nihal Friday, 14 March 2025 07:17 AM
මොහු හැර ලෝකේ සෑම නායකයෙක්ම ලෝකයේ තිබෙන රටවල් ගණන දන්නවා
Nihal Friday, 14 March 2025 06:22 AM
වර්ණ භේදය ඉහවහ රටකට මෙි වගේ මිනිස්සුන්ට අගෞරව කරන නායකයෙක් පත්වුනාම තව තවත් විදේශීයකයන්ට කරදර වැඩි වෙනවා