IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංවිම විරෝධතා වළකාලන වාරණයක් ඉල්ලා පැමිණිල්ලක්

( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතිය සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

මෙම පැමිණිල්ල මෙම මස 21 වන දින සළකා බැලීමට නියමිතය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු , එහි ලේකම් වජිර විජේකෝන් යන මහත්වරු ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ ඇත.

පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව අභියාචනාධිකරණය මඟින් නියෝගයක් ප‍්‍රකාශට පත් කරනු ලැබ ඇත.

එසේ තිබියදී විදුලි ඉංජිනේරුවන් වැටුප් වර්ධක ආදී දීමනා මුල් කරගනිමින් පසුගිය 13 වැනි දින සිට අකුරට වැඩකිරීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය රට තුළ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වයට බලපායි. වෙසක් උත්සවය නිසි අයුරින් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඩාල වන තත්ත්වයට පත්වී ඇත. දැනටමත් රටෙහි විවිධ ප‍්‍රදේශයන්හි විදුලිය ඇන හිටීම පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී ඇත.

එබැවින් අදාළ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය වළකාලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව වාර්ණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

ලංවිම විරෝධතා වළකාලන වාරණයක් ඉල්ලා පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site