IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලබන අයවැයෙන් ස්වාධීන රූපවාහිනියට සැලකිල්ලක්

(අංජුල මහික වීරරත්න)

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විකාශන කටයුතු වැඩිදියුණු කර පවත්වා ගෙන යාමට ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ. 

කෙසේ වුවද, වසර ගණනාවක් පැරණි පරිගණක උපාංග හා යල්පැන ගිය මෘදුකාංග භාවිත කරමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සිදු වීම හේතුවෙන් ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කරමින් ගුණාත්මක බවින් ඉහළ, ආකර්ෂණීය වැඩසටහන් විකාශය කිරීම ගැටලු සහගත වී තිබේ. 

එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට සහ විකාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමුඛතා පදනම මත 2026 අයවැය මඟින් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.



අදහස් (2)

ලබන අයවැයෙන් ස්වාධීන රූපවාහිනියට සැලකිල්ලක්

ගුණරත්න Wednesday, 11 June 2025 05:06 PM

එතකොට දැන්වීම් ආදායමක් නැතිද? පෞද්ගලික මාධ්‍ය සමාගම් රජයේ ආධාර නැතිව යසට වැඩ කරන්නේ කොහොමද?...

:       17       4

හසක Wednesday, 11 June 2025 06:39 PM

සමහර අය කුඩු, තවත් අය කොටස් වෙළඳපොළ ජිල්මාට් සහ ඇන්ටිජන් වගේ තව ජිල්මාට්... එහෙමයි ලාබ ලබන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site