
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී අද (28)පැවසීය.
තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ටෝකියෝහිදී පැවැති රැස්වීමකදීය.
බදු බර වැඩි යැයි ඇතැමුන් කියන බව කී ජනාධිපතිවරයා එලෙස බදු බර වැඩි වන්නේ ඇයි දැයි සලකා බැලිය යුතු බව කීය.
මෙලෙස රජයට ආදායම් උපයා ගන්නට සිදුවී ඇත්තේ එළියේ ආර්ථිකය කුඩා නිසා යැයි ද එළියේ ආර්ථිකය විශාල වුණොත් බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කම ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.රජයට එවැනි සැලසුමක් ඇතැයි ද ජනාධිපතිවරයා කීය. සියලු පුරවැසියන් භාණ්ඩ මිලදී ගැනීමේදී සියයට 18ක බද්දක් ගෙවීම යුක්ති සහගත නැතැයි ද නමුත් එළියේ ආර්ථිකය කුඩා වීම නිසා ඒ බද්ධ අය කරන්නට සිදුවී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අතීත අයවැය ලේඛන වල හැම විටම සිදුවී තිබෙන්නේ නැවත නැවත අලුතින් බදු යෝජනා ඉදිරිපත් කිරීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.

2025 නොවැම්බර් මස 17
113
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
958
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2563
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලබන අයවැයෙන් අලුත් බදු ගහන්නේ නෑ
Lalla Sunday, 28 September 2025 08:19 PM
කීයක් හරි මාස්පතා ඉතිරිකර විශ්‍රාම දිවිය ගත කරන්න තබා ගත්ත මුදලේ පොලියට 10% රඳවාගැනීමේ බද්ද අසාධාරණ බව පේනව නේද? හොඳට ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය හදාගත්ත මිනිස්සු හිඟන තත්ත්වයට පත්කර ගන්න ඛදුවලින් නිකමුන්ට සහනාධාර දීම මොන සමාජවාදයද?
අමා Monday, 29 September 2025 10:06 AM
ඉතිරිවෙලා තියෙන්නෙ ඇග බද්දයි, බලු බද්දයි, තමයි.
සෙනෙවිරත්න Monday, 29 September 2025 03:15 PM
10% යේ බද්ද ගැන අඬන මහත්මයා ලංකාවේ නොවෙයිද ඉන්නේ, මාසිකව ලක්ෂ එකහමාරකට වඩා ආදායම අඩු නම් ඒක අහෝසි කළා, ඊට වැඩි නම් බද්ද ගෙව්වාම මොකද පුරවැසියකු විදියට. ඒක නිසා වැරැදි අදහස් සමාජගත කරන්න එපා... අදම බැංකුවකට ගොස් වරද නිවැරැදි කරගෙන රජය ගෙවන අමතර පොලී වාසිය ගන්න...