IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලිට්‍රෝ ගෑස් ලෝක LPගෑස් දිනය සමරයි

2024 ලෝක LPගෑස් දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LPගෑස් සැපැයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීමෙන් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් පිණිස මෙහෙයවීම සඳහා සිය කැපවීම යළි තහවුරු කරයි.

ලිට්‍රෝ ගෑස් විසින් LPගෑස් ආරක්ෂිත බලශක්තියක් ලෙස ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හිදී වැදගත් වන ආකාරය සාර්ථකව පෙන්වා දී ඇති බැවින් “LPGබලගන්වන පිටුපසින් සිටින ඔවුන්ගේ සේවාව අගයමු”‍ යන තේමාව යටතේ මෙවර සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් දරයි.

LPගෑස් භාවිතය පුළුල් කිරීම සඳහා ලිට්‍රෝ ගෑස්හි පුළුල් ප්‍රවේශය මහා පරිමාණ අපනයන ව්‍යාපාරිකයන්ට සහාය දැක්වීමේ සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සවිබල ගැන්වීම දක්වා විහිදේ.LPගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස මෙම උපායමාර්ගික භාවිතය ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ගේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා දේශීය ආර්ථිකය ජවබල ගන්වන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා එහි තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මුදිත පීරිස් මහතා මෙවර ලෝක LPගෑස් දිනයේ වැදගත්කම අවධාරණය කළේය. “2024 ලෝක LPගෑස් දිනය ශ්‍රී ලංකාවට වෙන කවරදාටත් වඩා අර්ථාන්විත වේ. සෑම ශ්‍රී ලාංකේය නිවසකටම අතිශයින්ම ආරක්ෂිත LPගෑස් සැපැයුමක් සහතික කිරීම සඳහා අපගේ කැපවීම, අලු‍තින් ප්‍රතිසංස්කරණය කරන ලද මාබිම ගෑස් පිරවුම් කම්හල ආරම්භ කිරීමේ අපගේ සුවිශේෂී ජයග්‍රහණය සමග ඒකාත්මික වේ. වසර 40කට පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පිරවුම් පහසුකම ඉදිරි වසර 10 සිට 15 දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර පිරවීමේ සහ බෙදාහැරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනු ඇති අතර, එමගින් රටට සහ ජනතාවට අඛණ්ඩ සුරක්ෂිත බලශක්ති සැපැයුමක් සහතික කෙරේ. මෙම වසරේ තේමාව වන “LPGබලගන්වන පිටුපසින් සිටින ඔවුන්ගේ සේවාව අගයමු” මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ අපගේ කණ්ඩායමේ කැපවීමට සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අප ලබා දෙන ගෞරවය සමග ගැඹුරින් සම්බන්ධ වේ.

අපගේම ඉංජිනේරුවන් ඇතුළු සමස්ත ලිට්‍රෝ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයන් තුළින් සහ ජාත්‍යන්තර ප්‍රවීණයන් කිහිප දෙනකුගේ අවම දායකත්වයෙන් මාබිම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම මූලික වශයෙන් සිදු කරන ලදී. ඉතාම වැදගත් කරුණ නම්, මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල කිසිදු බාහිර පාර්ශ්වයක මූල්‍ය අනුග්‍රහයක් හෝ ණය මුදලක් ලෙස ලබා නොගෙන, සංවිධානයේ මූල්‍ය ශක්තිය මත පමණක් සිදු කිරීමයි. මෙම ජයග්‍රහණය මෙම වසරේ තේමාව වන “LPGබලගන්වන පිටුපසින් සිටින ඔවුන්ගේ සේවාව අගයමු”‍ සඳහා සාක්ෂියක් ලෙස පවතී.

මීට අමතරව, ලිට්‍රෝ ගෑස් විසින් දැඩි ආරක්ෂණ ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කර ඇති අතර, නිෂ්පාදන සහ බෙදාහැරීම් ඇතුළු ක්‍රියාවලියේ සෑම පියවරකදීම ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ආරක්ෂිත අනුකූලතා පියවර සහ ආරක්ෂණ පුහුණු ක්‍රමවේද හඳුන්වා දී ඇත. මෙම පියවර සැලසුම් කර ඇත්තේ නිෂ්පාදනයේ සිට බෙදාහැරීම දක්වා සැපැයුම් දාමය පුරා ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කරගැනීම සඳහාය.

-595



අදහස් (0)

ලිට්‍රෝ ගෑස් ලෝක LPගෑස් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site