(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ගෑම් 40 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මන්නාරම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට මාළු රැගෙන එන ලොරිවල මාළු පෙට්ටි තුළ සූක්‍ෂම ලෙස සඟවා කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරමක් සිදුවන බවට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එම ජාවාරමටට සම්බන්ධ ප්‍රධානතම පුද්ගලයකු මත්ස්‍ය වෙළඳ සැලක සේවකයෙකු බවට අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.
ඒ අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් දින කීපයක් තිස්සේ තොරතුරු රැස්කර මෝදර සත්සිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී පියගැට පෙළ මතදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි