(ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා  විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ පුද්ගලයා ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(15) අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි  වෙළඳ ව්‍යාපාරිකයෙකි . ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ඔහු අද(15 ) අලුයම් කාලය වන තෙක් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රැදී සිටි ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වී තිබේ .

මොහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 21,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 105 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .