IMG-LOGO

ලක්ෂ 20 පැහැර ගන්න කොල්ලුපිටියේ ලොකු යුද්දයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පෙනී සිටි තිදෙනකු කොල්ලුපිටියේදී අද සවස රුපියල් ලක්ෂ 20 මුදලක් පැහැරගෙන යද්දී මුදල් රැගෙන ආ කැබ්රථයෙන් කොල්ලකරුවන් හප්පා එක් අයකු අල්ලා පොලිසිය බාරදී ඇත.

අනෙක් සැකකරු මුදල් බෑගය ද රැගෙන යතුරු පැදියෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

කැබ් රථයකින එම මුදල් රැගෙන පැමිණ ඇති අතර කොල්ලුපිටියේදී කොල්ලකරුවන් තිදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය ලෙස පෙනී සිට මෙම කොල්ලය සිදු කර පළා යද්දී කැබ් රථයෙන් යතුරු පැදිය හප්පා ඇති අතර ඒ අවස්ථාවේ පැදවූ පුද්ගලයා යතුරු පැදියද සමග බිම ඇදවැටී ඇත. යතුරු පැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා එම යතුරු පැදිය පණ ගන්වාගෙන මුදල් සහිත බෑගයද රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මුදල් සහිත බෑගය රැගෙන පළාගිය පුද්ගලයා පොලිස් හිස්වැසුම කෙට සමාන හිස්වැසුමක් පැළඳ සිට ඇතැයි ද පොලිසිය කීය.

බිම ඇද වැටුණු පුද්ගලයා කැබ් රථයේ සිටි දෙදෙනා විසින් අල්ලාගෙන පොලිසියට භාරදීමෙන් පසු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කිරුළපන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම සැකකරුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

 



අදහස් (1)

ලක්ෂ 20 පැහැර ගන්න කොල්ලුපිටියේ ලොකු යුද්දයක්

kamal Thursday, 08 December 2022 09:11 AM

ශක්, සෑර් හිටියනම් නිදොස් කොට නිවහස් කරගන්න තිබුනා.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site