IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලාංකික තාත්තයි පුතයි ඕස්ට්‍රේලියාවේ ඇල්ලකට බිලි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී  ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි 9නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.

මියගිය එක් අයකු සිසිර ගජනායක නම් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු බවත් අනෙක් පුද්ගලයා 21 හැවිරිදි ගජනායක මහතාගේ පුත්‍රයා බවත් 9නිවුස් පුවත් සේවය පෙන්වා දී තිබේ.

සිසිර ගජනායක මහතා පවුල් හතරකට අයත් 18 දෙනකු සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා කේන්ස් නගරය ආසන්නයේ ඇති මෙම ප්‍රසිද්ධ ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත. දිය ඇල්ලේ පිහිනීමට හැකි ස්ථානයකදී ගජනායක මහතා ඇතුළු පිරිස ජලයට බස පිහිනා ඇත.එහිදී ගජනායක මහතා දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා පුත්‍රයා උත්සාහ කර තිබේ.පුත්‍රයාගේ උත්සාහයත් අසාර්ථක වී ඇති අතර ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇත. එම අවස්ථාවේ ගජනායක මහතා සමඟ පැමිණි පිරිස එරට වේලාවෙන් සවස 5 ට පමණ හදිසි සේවා දැනුවත් කර ඇති අතර  ඔවුන් පැමිණ ගජනායක මහතා සහ පුත්‍රයා ජලයෙන් පිටතට ගෙන ඇත. පිටතට ගන්නා විට ඔවුන් සිහිසුන්ව සිට ඇති අතර හදිසි ප්‍රතිකාර ලබා දුන්නත් ඔවුන්ගේ සිහිය නැවත ලබා ගැනීමට හදිසි ප්‍රතිකාර සේවා අපොහොසත් වී තිබේ.ටික වේලාවකට පසුව ඔවුන් මියගොස් ඇතැයි හදිසි ප්‍රතිකාර සේවය ප්‍රකාශ කර ඇත.

සිසිර ගජනායක මහතා මෙල්බර්න් නගරයේ පිහිටි වෙන්චුරා බස් සමාගමේ රියදුරකු ලෙස වසර 8 ක කාලයක් සේවය කර තිබේ. ඔහු අවංක තම සමාගමට ලෙන්ගතුව සේවය කළ සේවකයෙක් යැයි එම සමාගම මරණය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරමින් පවසා ඇත.

 



අදහස් (5)

ලාංකික තාත්තයි පුතයි ඕස්ට්‍රේලියාවේ ඇල්ලකට බිලි

පිටිගල මිලානෝ Wednesday, 12 April 2023 02:37 PM

දහඅටක් ගිහිල්ලත් මේ දෙන්නාව බේරාගන්න බැරිවුණාද? ඕස්ට්‍රේලියන් කාරයෙක්වත් ළඟපාතක හිටියා නම් බේරා ගනියි. ලංකාවේ බහුතරයක් කයිය ගැහුවට වැඩ බිංදුවයි.

:       77       55

චමින්ද Wednesday, 12 April 2023 06:15 PM

බැරිදේ පුළුවන්ද දත්මිටි කෑවාට කියලා තමයි කියන්න වෙන්නේ... පීනන්න නොදන්නා එකා නොදන්නා බව සඟවා වැඩ පෙන්නන්න ගියාම ඔහොම වෙනවා. කොහොම වුණත් දෙදෙනාටම නිවන්සැප ලැබේවායි පතමු

:       0       0

නිමල් Wednesday, 12 April 2023 06:16 PM

මේ ලාංකිකයින්ට ජලයෙන් අපල කාලයක්...

:       0       0

Sujeewa Wednesday, 12 April 2023 09:36 PM

Mr Milano, කාටහරි කරදරයක් වුණාම, ඒ අයව පාච්චල් නොකරනැයි ඔබගේ මාමාවත්, පියාවත් කියා දුන්නේම නැතිද?

:       0       0

චන්දිම Thursday, 13 April 2023 07:12 AM

මම මෙහෙම කිව්වට ඔබ කවුරුත් තරහා ගන්න එපා. බොහෝ වෙලාවට තමන් විසින්ම ජල මුලාශ්‍ර වලට ඇතුළුවී ජලයේ ගිලි විපතට පත් වන බොහෝ දෙනාගේ හඳහන පරික්ෂා කලොත් චන්ද්‍රයා සිටින්නේ අටවෙනි කොටුවේය.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site