(යොහාන් භාසුර)

පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් කිසියම් හෝ ජන කොට්ඨාසයකට සිත් රිදවීමක් සිදුවේ නම් එයට කණගාටුව පල කරන බව ලංකාව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ මහතා එම රූපවාහිනී වැඩසටහනේදී වතුකරයේ ජනතාව පිළිබඳ කළ ප්‍රකාශයක් මෙවන විට රට තුළ ආන්දෝලනයකට ලක්ව තිබේ.