IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි

(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 49 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු පිල 36 වැනි ඕවරයේදී ලකුණු 165 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.

නායක චරිත් අසලංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 126 කින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 127 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ඕවර 46 කදී සියලු දෙනා දැවී 214

(කුසල් මෙන්ඩිස් 19, චරිත් අසලංක 127, දුනිත් වෙල්ලාලගේ 30, ස්පෙන්සර් ජොන්සන් 44/2, ඒරන් හාඩ් 13/2, ෂොන් ඇබට් 61/3, නේතන් එලිස් 23/2)

ඕස්ට්‍රේලියානු පිල ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 165

(මානස් ලබුෂේන් 15, ඇලෙක්ස් කේරි 41, ඒරන් හාඩ් 32, ෂෝන් ඇබට් 20, ඇඩම් සම්පා නොදැවී 20, අසිත ප්‍රනාන්දු 23/2, මහීෂ් තීක්‍ෂණ 40/4, දුනිත් වෙල්ලාලගේ 33/2)



අදහස් (2)

ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි

Shazard Wednesday, 12 February 2025 07:12 PM

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්.

:       0       26

lakmal Thursday, 13 February 2025 09:33 AM

ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම කුසල් මෙන්ඩිස් නැති මැච් බලන්න ඉක්මණින් වාසනාව ලැබේවා

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1123 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site