
(අංජුල මහික වීරරත්න)
ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කම්කරු ව්‍යාපාර සියල්ලම බිහි වූයේ කර්මාන්තකරණයෙන් පසුව බවද කර්මාන්තකරණය නොතිබුණා නම් මෙලෙස කම්කරු ව්‍යාපාරයක් ඇතිවෙන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම උත්සවයේදී ජනාධිපතිවරයා මෙි බව කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මේ උත්සවය පැවැත්විණි.
කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ආරාධිතයින්ට කෘතිය පිළිගන්වනු ලැබිණ.
මනූෂ නානායක්කාර මහතා විසින් වසර 23කට පෙර මාධ්‍යවේදියෙකු ලෙස ආරම්භ කරන ලද ගවේෂණයක අවසන් ප්‍රතිඵලය මෙලෙස ග්‍රන්ථයක් මගින් එළිදක්වා තිබේ.


COMMENTS