IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ

(අංජුල මහික වීරරත්න)

අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරක යන්ත්‍ර 14 ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස 2013 වර්ෂයේදී එක්සත් රාජධානියේ Elekta සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුමකට එළඹ ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතියේ I අදියර යටතේ ජාතික පිළිකා ආයතනයේ රේඛීය ත්වරක යන්ත්‍ර 04 ක්ද මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර 02 ක් ද, ගාල්ල ජාතික රෝහලේ 01 ක් ද, මඩකලපුව ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් ද, යාපනය තෙල්ලිපලෙයි මූලික රෝහලේ යන්ත්‍ර 01 ක් ද වශයෙන් යන්ත්‍ර 9 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. 

ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින්, ව්‍යාපෘතියේ II අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 05 සඳහා උසස් තාක්ෂණයෙන් යුත් Infinity රේඛීය ත්වරක යන්ත්‍ර ස්ථාපිත කිරීමටත්, එම යන්ත්‍ර ස්ථාපිත කිරීමට හැකි වන අයුරින් අදාල රෝහල් තුළ බංකර ඉදි කිරීම සඳහා පියවර ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 411 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site