හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනකු එක් වී තිබේ.
ඒ සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනකු පැටවුන් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමගයි. මෙවර මෙවර ලාරා සිංහ ධේනුව සහ ඇගේ දියණිය ඩෝරා සිංහ පැටවුන් බිහි කර ඇත.
ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ඩෝරා විසින් බිහි කළ ගැහැණු සතෙකි.
ලාරා සිංහ ධේනුව විසින් ඩෝරාට කිරි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා සත්ත්ව උද්‍යානයේ නිළධාරී මඩුල්ල ඇයට කෘතිමව කිරි ලබා දී ඇයව රැක බලා ගෙන තිබේ.
ඇය එම වකවානුවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල විශාල කතාබහක් ඇති කළ සිංහ පැටවෙකි.
නමුත් අද වන විට ඇයද තවත් සිංහ පැටවුන් තිදෙනකු බිහි කර ඇති අතර ඇයගේ වන ලාරා තමන්ට කිරි දීම ප්‍රතික්ෂේප කළ ආකාරයට ප්‍රතික්ෂේප නොකර ඩෝරා විසින් ඇයගේ පැටවුන්ට කිරි දී පැටවුන් රැක ගැනීම විශේෂ කරුණකි.
කෙසේ වුවද මේ වන විට මෙම සිංහ පැටවුන් හය දෙනා සෆාරී උද්‍යානය තුල ඉතා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවන බවත් ඉදිරි සති කිහිපයේදී මහජන ප්‍රදර්ශනය සදහා වෙනම කලාපයකට මුදා හරින බවත් සෆාරි උදානයේ නිළධාරින් පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.