
(අංජුල මහීකවීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අය වැයට යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මෙසේ ද කීය.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවනවා. දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නවා.
ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා. රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයක් ගත වී තිබෙනවා.
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40000 දක්වා වැඩි කරනවා. අදියර වශයෙන් මේ වැටුපැදවීම ලබාදෙනවා. මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කරනවා. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට ක්‍රියාත්මක කරන බවත් එය විසි හත්දාහක් දක්වා වැඩි කිරීමටත් ලබන ජනවාරියේ සිට 30000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා
2020 ජනවාරි එක වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කරනවා. රුපියල් 250ක වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි.
COMMENTS
30,000 ක් බඳවා ගත්තාට කමක් නැහැ. පඩි ගෙවන විදියත් කියන්න. නැත්නම් ආයෙත් මේක වලපල්ලට යනවා. ඔයාට හරි ලේසියි පෞද්ගලික අංශයට උපදෙස් දෙන්න. ඔය සියලු වැඩිකිරීම් වලට පෞද්ගලික අංශය අමතර ආදායම් හොයන්න ඕනෑ. ඒවා කරන හැටිත් උපදෙස් දුන්නොත් තමයි හොඳ....!
විශ්වවිද්‍යාල පද්ධතිය, ලංවිම, ජලය, ලංකා ඛනිජ තෙල් සහ වරාය අධිකාරිය ඇතුළු තවත් බොහෝ මණ්ඩලවලට අමතර දීමනා තිබේ. උදාහරණයක් ලෙස, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, 55% ක අමතර දීමනාවක්, ජීවන වියදමක්, 20% ක දීමනාවක් ඇත, එය මූලික වැටුප මත පදනම්ව ගණනය කෙරේ. සාමාන්‍ය OL සමත් සේවකයෙකුට මේ මොහොතේ 80,000 ක් ලැබේ. එලෙසම, කථිකාචාර්ය පරිවාස නිලධාරියෙකුට පමණක් 149% ක අමතර දීමනාවක් ලැබෙන අතර මහාචාර්යවරයෙකුට 20, COL සහ අනෙකුත් දීමනා වලට අමතරව වැටුපෙන් 214% ක දීමනාවක් ලැබේ. මෙය අනෙකුත් සියලුම රාජ්‍ය අංශ සඳහා අදාළ වේ. ඔබට විදේශ මුදල් ලැබෙන නිසා, ඔබට මේ ආකාරයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ නොහැකිය. මෙය ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගෙන ඇත. මෙම රජය සියලු දෙනා රවටා එය නැවත අවුල් සහගත කරයි. අධික ජනාකීර්ණ රාජ්‍ය සේවයේ මෙම බර මෙම රටට දැරිය නොහැක...
කෝ අර රට විරුවන්ට විශ්‍රාම වැටුපක් දෙන විදිහක් ගැන බලනවා කිව්වා නේද?
රාජ්‍ය සේවකයින්ට රනිල් 25000 ක් වැඩි කර්පු එක 5000 ක් ක්‍රලා නේද අර්ථික අර්බුදයක් තියෙද්දි රනිල් 10,000 වැඩි කලා ඒත් රාජ්‍ය සේවකයෝ රනිල්ට ඡන්දේ නොදි කයියනායකව ගෙනාව දැන් සැපද??