IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රුසියාව යුක්රේන ආක්‍රමණය ලොවටම බලපෑමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම ශ්‍රී ලංකාවේ වත්මන් තත්තවයට යම් දායකත්වයක් ලබා දෙන්නට ඇති බවත් එයින් තවත් අර්බුද නිර්මාණය විය හැකි බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

රුසියානු ආක්‍රමණයේ බලපෑම ලෝකයේ සෑම තැනකටම එල්ල වී ඇති බවත් එම මාධ්‍ය හමුවේදී ඇන්තනී බ්ලින්කන් මහතා පැවසුවේය.

ධාන්‍ය ටොන් මිලියන 20 ක් යුක්රේනයෙන් පිට කිරීමට ඉඩ දෙන ලෙස ඔහු කීපවිටක්ම රුසියාවෙන් ඉල්ලා සිටියේය.

ලෝකය පුරා වැඩිවෙමින් පවතින ආහාර අනාරක්ෂිත බවට රුසියානු ආක්‍රමණයද හේතුවක් වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. තායිලන්තයේ පොහොර මිල අහස උසට ඉහළ යාමටද රුසියානු ආක්‍රමණය බලපෑම් එල්ල කර ඇතැයි ඔහු පැවසීය.

ආහාර සහ ඉන්ධන හිඟය හේතුවෙන් සති ගණනාවක් පැවති විරෝධතා වලින් ශ්‍රී ලංකාව විනාශ වී ඇතැයි එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය.

එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඇන්තනී බ්ලින්කන් මහතා පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා වල නියැලෙමින් තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙන බවත් විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් අනතුරු අඟවන බවත් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේය.

එසේම විරෝධතාව හා සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බවත් ඇන්තනී බ්ලින්කන් මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

රුසියාව යුක්රේන ආක්‍රමණය ලොවටම බලපෑමක්

ganegoda Monday, 11 July 2022 03:48 PM

අපි බළල්ලුත් නෙවෙයි, අපි අනුන්ගේ කොස්ඇට බාන්න අවශ්‍ය නැති බවත් හොඳින් තේරුම්ගෙන සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site