
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා එකඟතාවය පළ කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
බ්‍රික්ස් සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වීමට රුසියාව බලා ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.
එහිදී රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳ මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සබ්රි මහතා රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී ලබන 26-27 දෙදින පැවැත්වීමට නියමිත ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී මෙම ගැටළුව සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමටත් ඒ පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමටත් දෙපාර්ශවය එකඟ වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.
එසේම අමාත්‍යවරුන් අතර පැවැති හමුවේදී සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික මෙහෙයුම් අංශවලින් දෙරටේ සබඳතා පුළුල් කර ගැනීමට එකඟ වූ බව තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන හමුදාවේත් අපේ SF සෙබළු විශාල ප්‍රමාණයක් සිටිනවා , නමුත් ඔවුන්ගේ වැටුප මාසේ අන්තිමට ලංකාවේ එකවුන්ට් එකට වැටෙනවා , ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පැරණි ලංකාවේ 8 මෑන් ටීම් වල සගයන් ගෙන්වා ගන්න , ඔවුන් සටන් කරන්නේ පරණ කණ්ඩායම් වශයෙන් , එම නිසා උතුරේ මානුෂික මෙහයුම් වල පුරුදු සටන් ක්‍රම යොදාගෙන සතුරාට පහර දෙන්න , ආරක්ෂාවෙන්න පුළුවන් එම නිසා ඔවුන්ගේ ආත්මශක්‌තිය වැඩි , යුක්රෙනේ ඔවුන්ව බිලිබොඉල වගේ නිතරම ඉස්සරහට දමන්නේ නැහැ , මානුෂිකව සලකනවා , හොදට කන්න බොන්න දෙනවා , තුවාල වුනොත් පොලන්තේ වගේ අසල්වැසි යුරෝපා රටවල ප්‍රතිකාර කරනවා , යුක්රේන පිරිමි සැහෙන ප්‍රමාණයක් යුධෙන් මැරිලා , තුවාල වෙලා , යුක්රෙනේ දන්නවා යුධෙන් පස්සේ රට ගොඩනගන්න පිරිස් අවශ්‍යවෙනවා කියල එම නිසා විශේෂ දක්ෂතා දක්වන සහ වසරක යුධ සෙවා කලේ අවසානේ යුක්රේන පුරවැසි භාවය ලබාදෙනවා , යුක්රෙනේ යුරෝපා රටක් නිසා මේක වටිනවා , එමනිසා අපේ සෙබළුන්ට මාධ්‍ය ඉදිරියේ වැළපෙන්න අවශ්‍ය නැහැ ,රුසියන් කාරයෝ හරියට කන්න , බොන්නවත් දෙන්නේ නැහැ , වැටුප් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට
රුසියන් ආමි එකට යන්න දෙන්නේ නෑ... ආණ්ඩුවෙන් නමුත් ඊශ්‍රායලයට යවනවා. මොකක්ද මේකෙ තේරුම?