IMG-LOGO

රඹුක්කන කොටවෙහෙරේ කරඬු අටක් සොරා ගනි

(එම්.ආර්. ප්‍රියශාන්ත)

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු අටක් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි රඹුක්කන පොලිසිය සඳහන් කරයි.

රන් කරඩු පහක් සහ පළිඟු කරඬු තුනක් මෙසේ අතරුදහන්ව ඇත. ඒවා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විශේෂ මංජුසාවක තැන්පත් කර තිබූ බවත් ඒවා බිඳ රන් කරඬු 5ක් හා සහ පළිඟු කරඬු තුනක් සොරා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සොරකම සිදුවන දින විහාරාධිපති හිමියන් පුණ්‍ය කටයුත්තක් සඳහා පිටතට වැඩම කර සිටි බවද කොටවෙහෙර විහාරස්ථානයේ වැඩ වාසි කිවුල්පනේ පඤ්ඤාවංස හිමියෝ පැවැසූහ.

විහාරස්ථානයේ සවිකර ආරක්ෂිත කැමරා පද්ධතියද මෙයට මාස දෙක තුනකට පමණ පෙර සිට අක්‍රිය වී තිබූ බවද උන්වහන්සේ පැවසීය.

මෙම ධාතු කරඬු හා පළිඟු 1956 සහ 2000 වසර වල දැලිවල කොටවෙහෙරේ කළ කැණීම් කටයුතුවලින් සොයා ගත් ඒවා බවද උන් වහන්සේගේ පැවසීය.

 

 



අදහස් (2)

රඹුක්කන කොටවෙහෙරේ කරඬු අටක් සොරා ගනි

බෞද්ධයා Sunday, 13 February 2022 04:37 PM

අයියෝ කරඬු ධාතු නැතිව දැන් කොහොමද පන්සලේ හාමුදුරුවෝ නිවන් අවබෝධ කර ගන්නේ? බුදුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැමතැනම කියලා තියෙනවනේ ධාතු වන්දනාව කරඬු වන්දනාව කරපු තරමට තමයි නිවන් අවබෝධ වෙන්නේ කියලා..!

:       24       13

මහජනතාව Sunday, 13 February 2022 05:40 PM

කොරෝනා දෙවෙනි රැල්ල කාලයේ ගම්පහ පැත්තේ පන්සලකට බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙනමක් සහ රහතන් වහන්සේලා 22 නමකගෙන් දෙක බැගින් ධාතුන් වහන්සේලා 44 ක් වැඩම කරවූවා. ඇත්තටම එපමණ ධාතූන් වහන්සේලා හම්බ වෙන්නේ කොහෙන්ද? ඉන්පසු දෙමහල් ධාතු මන්දිරය හදන්න. එම ධාතු තැන්පත් කරන්න කරඬුවක් හදන්න.. දළදා මන්දිරයේ පරිදි තේවාව සහ ව්‍යාංජන පූජා කිරීම වෙනුවෙන් මුදල් එක්කහු කිරීම ආරම්භවුණා. කුඩා ගමක් වූ ඒ ගමේ බෞද්ධයින්ට එම ක්‍රියාව මහත් බරපැනක් වුණා. මෙවැනි දේ ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනෑ නේද?

:       7       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site