IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රැඳවියෝ තුනක් උසස් පෙළට පෙනී සිටිති

(ඉන්දිකා රාමනායක)

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07 ) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 43 ක හා 46 ක සිරකරුවන් දෙදෙනකු  හා වයස අවුරුදු 38 ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු එලෙස විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් තිදෙනා විභාගයට පෙනී සිටීමට නියමිත බව ද ඒකනායක මහතා පැවසීය .

විවිධ චෝදනාවලට ලක් වී බන්ධනාගරගතව සිටින සිරසිරකරුවන් , සැකකරුවන්, පුනරුථාත්පන සංකල්පය සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් සහිත සිරසැකකරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු කරවමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ බවද හෙතෙම කීය.

 



අදහස් (0)

රැඳවියෝ තුනක් උසස් පෙළට පෙනී සිටිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site