
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයකු ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ පැල්මඩුල්ල මීගහ ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. වසන්ත කුඩා රාළගේ නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කලහ.
එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක්, රන්මුද්දක්, රන් මාලයක් සහ මුදල් කොල්ලකා සැකකරු පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
මුන්නම් මිනිස්සු වෙන්න බෑ. නින්දිතයි. පව් අසරණ මිනිස්සු. ඕවා හොරා කාල අරගෙන මොන හිතකින් පරිහරණය කරනවද මන්දා.මෙහෙදී මොන දඬුවම් ලැබුණත් නැතත් නියම දඬුවම් ලැබෙන තැනක්, දිනයක් තියෙනවා...මියගිය සොයුරාට නිවන්සුව පතමු.
බොහෝ විට මේ නින්දිත ක්‍රියාව සිදු කලේ මියගිය තැනැත්තා හඳුනන කෙනෙක් විය හැකිය. ඒ නිසා ඔහුව මරා දමන්නට ඇති...!
මාලිමාවුන් ආවම පොඩි උන් පිස්සු වැටිලා ආච්චිලා මරනවා, අන්ධ අසරණයෝ මංකොල්ලකාලා මරල ගේට්ටුවේ ගැට ගහනවා, සුද්දියන්ට අතවර කරනවා, වෛධ්‍යවරියන්ට අතවර කරනවා. ඔන්න අහන්න ලැබෙන ප්‍රවෘත්ති