(නිමල කොඩිතුවක්කු)
නිදහස් දිනයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) පැවසීය.
මනුෂ්‍යත්වයට මුල් තැන දී මානව හිතවාදි නායකයෙකු වන රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලීමක් කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
"කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. ඒ වගේම දේශපාන විදිහටත් එතුමා මේ රටට විශාල සේවයක් කළා. රන්ජන් රාමනායක මහතා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක්. එවැනි මානව හිතවාදී නායකයෙක් වන රන්ජන් රාමනායක මහතාට නිදහස් දවසේ දී පූර්ණ නිදහස ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදි නායකයෙකු වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස දී එතුමාව නිදහස් කරන්න කියා අපි ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලා සිටිනවා” යැයි විපක්ෂ නායකවරයා පැවසීය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රන්ජන්ගේ නිදහස ගැන සජිත් දැඩි විශ්වාසයක
මහසෙන් Thursday, 03 February 2022 01:13 PM
මුලින් කීවා වැලිකඩ වටකරලා බේරගන්නවා කියලා,පස්සේ කීවා මහපාරේ අරගල කරනවා කියලා .දැන් කියනවා හෙට නිදහස් කියලා විස්වාස ලු.කපන්න බැරි අත ඉබිනවා කියන්නේ ඕවට.ඇවන්ට්ගාඩ් ලොක්කා හරහා රන්ජන් එලියට එයි.ඒ එන්නේ කොන්ද කඩලා.ඉතුරු ටික එයා එලියට ආවම.
Bamunuarachchi Thursday, 03 February 2022 01:20 PM
රන්ජන් නිදහස් කලොත් මම ඝෝඨාභයට තිබෙන ගරුත්වය නැති වෙනවා. ඔය මිනිහාව නිදහස් කරවගන්න යන්නේ රාජපක්ෂලාට හොරු හොරු කියවන්නයි. ඔය තවත් රටේ එක මිනිහෙක් පමණයි. මෙයාගෙයි අනික් හිරේ වැටුන මිනිසුන්ගෙයි ඇති වෙනස මොකක්ද? ඔක්කොම වැරදි කරුවෝ. හිරේට යනකොට ගහපු කයිවාරුවේ හැටියට ජීවිතාන්තය දක්වා හිරේ සිටිය යුතුයි. හිරේ වැටුන මිනිහා නොවෙයි සමාව ඉල්ලන්නේ වටේ ඉන්න හෙන්චයියෝ.
Ranjith Saturday, 05 February 2022 11:57 AM
අපොයි ඔව්. නඩු කාරයින්ට පොලිසියේ අයට බලපෑම් කරලා නඩු තීන්දු වෙනස් කරන්න, මිනිස්සු නිකරුනේ හිරේ දාන්න කතාකරලා අහිංසක මිනිස්සු තැන්පත් කරපු සල්ලි වලින් තුට්ටු දෙකේ ගැලරියට විතරක් චිත්‍රපටි හදලා බදු රහිත වාහනේ කෝටි තුනහමාරකට විකුණලා සතයක්වත් බදු නොගෙවා සල්ලි සාක්කුවේ දාගෙන වියදම් කරලා මං ගෙයක්වත් හදා ගත්තේ නෑ කියලා කියන, දේශපාලන රැස්වීම්වල අතේ පැලවෙන පච කියපු අනෙක් දේශපාලනය කරන අයට සමානව බොරු කියන එක තමයි කරන්නේ..