IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්

 

(ඒ.ජී.වික්‍රමසිංහ)

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ  දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවසිය.

මෙම වකුගඩු බද්ධ කිරිමට ප්‍රථම වරට මුහුණ දි ඇත්තේ කහවත්ත බෝමලු විහාරයේ පදිංචි අවුරුදු 69ක්වු නිලඳුරේ චන්දසිරි හිමියන්ය.

උන්වහන්සේට වකුගඩුවක් ලබාදි ඇත්තේ ඥාතියෙකු වු කහවත්ත ඇල්ලෙගෙවත්ත පදිංචි අවුරුදු 57 ක්වු දෙදරු පියෙකි.

ප්‍රථම වරට සිදුකරන ලද වකුගඩු බද්ධ සැත්කම පිළිබඳව අදහස් දැක්වු රත්නපුර ශික්ෂණ රෝහලේ  අධ්‍යක්ෂක ධම්මික අලහප්පෙරුම මහතා මෙසේ කිය.

වසර කිහිපයක් තිස්සේ වකුගඩු බද්ධ කිරිමට අවශ්‍ය පහසුකම් සපුරාලමින් සිටියා දැඩි සත්කාර ඒකකයේ පහසුකම් සහිත කොටසක් රත්නපුර සිංහ සමාජයෙන් අපිට ඉෂ්ඨ කර දුන්නා දැනට රෝහලේ වකුගඩු බද්ධ කිරිමට අවශ්‍ය සියලු පහසුකම් තිබෙනවා.

ඒ අනුව රෝහලේ ප්‍රථම සැත්කම පසුගිය 30 වන දින සිදු කරනු ලැබුවා මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්ෂ්මන් විරසේකර,චානක ආරච්චිගේ,ගයාන් බණ්ඩාර ,නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්වන අනුර ප්‍රනාන්දු, ලක්ෂ්මි රණසිංහ යන වෛද්‍යවරුන් ගේ උත්සහය මෙන්ම විශාල කැප කිරිම මත මෙම සැත්කම සිදුවුණා. මෙම සැත්කමට පැය පහක් පමණ ගතවුණා සාර්ථක ලෙස එය සිදු කිරිමට වෛද්‍ය වරුන් සමත් වුණා.

මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදි අපේ රෝහලේ හෙද නිළධාරි පස් දෙනකු පමණ සති දෙකක පුහුණුවක් ලබාගෙන තමයි මෙම සැත්කම්වලට දායක වුණේ. අප රෝහලේ ලැබු ජයගුහණයක් ලෙසය යි මා දකින්නේ.



අදහස් (2)

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්

Ahmed (Gulf) Saturday, 05 October 2024 02:06 AM

සුබපැතුම්...!

:       0       0

prabash kularathne Saturday, 05 October 2024 07:26 AM

ඒ වුණාට සබරගමුව පුරාවටම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ‘‘ගල් කැඩුවට ගියොත් එන්න වෙන්නේ පෙට්ටියෙන්‘‘ අම්මපා. හා නැද්ද? නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site