(ජේ.කේ.එල්.චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට)
රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ. බද්දේගම ප්‍රදේශයේ පදිංචි, බූස්ස පිටිවැල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නාවික සෙබළෙකි.
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
නාවික හමුදා සෙබළා රාජකාරිය නිම කොට යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටිය දී දුම්රියේ ගැටී ඇත.
රත්ගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd