
(ප්‍රසාද් රුක්මල් සහ වියලුව වාර්තාකරු)
පවතින අධික වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම පිරිමැසුම් මට්ටමට ආසන්නව ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු තුනක් 0.1 මීටර් බැඟින් අද (10) පෙරවරුවේ විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
මේ නිසාවෙන් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යට නොවන බවත් ඉදිරියේදි පතිත වන වර්ෂාව අනුව ජල මට්ටම ඉහළ ගියහොත් උල්හිටිය රත්කිද ප්‍රදේශයේ සෙසු පිටවානේ ගේට්ටු මාපාකඩ කාර්යභාර ඉංජිනේරුවරයාගේ උපදෙස් මත විවෘත කරන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd