IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රට හැදිල්ල

ට්‍රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක උපදෙස් දීමක් විතරයි.

උදාහරණක් මතක් කරනවා නම් ලංකාවේ ක්‍රිකට් මැච් එකක් කියමුකෝ. ගෙදර ටී වී එක ඉස්සරහා වාඩිවෙලා ඉන්න උන්දැලා උපදෙස් දෙනවනේ ක්‍රිකට් ගහන හැටි ගැන. හැබැයි වැරදිලාවත් උන්දැලැට බැට් එකක් බෝලයක් දීලා පිටියට යැව්වොත් රෙදි ඉල්ලේ. අන්න ඒ වගේ කටින් රට හදන. මැති ඇමතිවරුන්ට උපදෙස් දෙන්න බලාගෙන ඉන්න කොට්ඨාසයක් ඉන්නවා ට්‍රැක්ලන්තේ.

ඇත්තටම රටක් හැදෙන්න නම් දේශපාලන ක්‍රමය විතරක් වෙනස් උනාම ඇතිද? සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් නේද? ට්‍රැක්වාසීන් හැම දේකටම ඇගිල්ල දික් කරන්නේ දේශපාලන තන්ත්‍රයටනේ. සම්පූර්ණ වැරැද්ද දේශපාලන ක්‍රමයේ විතරද ? උපදෙස් දෙන උන්දැලැ 100% ක් හරිද?

ළමයා ඉපදෙන්නත් කලින් ඉදලා බොරු එඩ්‍රස් හදලා ළඟම පාසල හොඳම පාසල කියන එක බල්ලට දාලා. පොඩි කොල්ලට කෙල්ලට බොරු උගන්නලා උගන්නලා ටවුන්වල ඉස්කෝල වලට දාගන්න හදන මිනිස්සු , සුදුසුකම් නැති උනත් පගා දීලා පණ්දම් අල්ලලා, කට්ට කාලා කැම්පස් ගිය උන්දැලැ ගෙදර ඉද්දි . මෙලෝ සුදුසුකමක් නැති අය රස්සාවලට දාන මිනිස්සු , පාරේ වාහනවල යද්දි වැරැද්දක් කරලා අහු උනාම පොලිස්සියට පගාව දීලා හතරවටේට කෝල් කරලා ෂේප් එකේ මගෑරලා යන්න හදන මිනිස්සු, වාහන හැප්පුනාම ඉන්ෂුවරන්ස් වලින් ලොකු ගානක් ගසා කන්න බොරු ගනන් හදලා දාන මිනිස්සු , මිනිස්සු අසරණ උනාම මිනිස්සුන්ව හූරගෙන කන්න හදන කළු කඩකාරයෝ. කොරෝනා කාලෙදි රුපියල් 5 ට තිබ්බ සර්ජිකල් මාස්ක් එක රුපියල් 100 ට විකුණපු මිනිස්සු , සුනාමි වලින් බැටකාලා හැමදේම විනාස උන මිනිස්සුන්ව සුනාමි එනවා කිය කිය බය කරලා ගෙවල් වලට පැනලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි , රත්තරං බඩු හොරකම් කරපු මිනිස්සු , 50,000 ක් දුවපු මීටරේ 25,000 ට කරකවලා තව මිනිහෙක් රවට්ටලා වාහන විකුණන මිනිස්සු , මනුස්සයෙක් මැරුණම ඉස්පිරිතාලේ ඉදන් මැරුණ මිනිය ගෙදරට ගේන ටිකට කී දෙනෙක් නම් පගාව ගන්නවද, පවුලේ අයට මිනිය පෙන්නනවට පවා පගාව ගන්න මිනිස්සු, මනුස්සයෙක් මැරුණම එකී මෙකී ලියකියවිලි හදාගන්න රජයේ ආයතන වලට ගියහම අන්ත අසරණ මිනිස්සුන්ගෙන් පගාව ගන්න මිනිස්සු , මළ ගෙයක් උනාම දවස් හතම කෑන්න බලාගෙනම එන අහල පහල මිනිස්සු නිසාම මැරුණ මනුස්සයාගේ ගෙදර මිනිස්සුම වියදම් දරන්න බැරුව මැරි මැරී උපදිද්දි, දේශපාලඥයෝAnchor පාර්ලිමේන්තුව ඇතුලේ කටින් මරාගෙන එළියට එද්දි කරට අතදාගෙන එද්දි , උන්දැලැට ඡන්දේ දීපු සම හරක්, අරක්කු බෝතලේට, බත්පැකට් එකට රැවටිලා පක්ෂ නිසා තමන්ගේ අසල්වැසියගේ , යාළුවගේ බෙල්ල කපන මිනිස්සු , කලබලේට අතයටින් ගානක් දීලා හොර ඩ්‍රයිවින් ලයිසන් හදන මිනිස්සු, ලොකු ලොකු වාහන වල ඇවිල්ලා , වටපිට බලලා ෂේප් එකේ හතරමං හන්දිවල කුණුබෑග් දාලා යන මිනිස්සු , පන්සල් , පල්ලි ඉස්සරහා බලු පැටව් , පූස් පැටව් දාලා යන මිනිස්සු ,ඔෆිස් එකේ තියන පැන්සල, පෑන හරි හොරෙන් ගෙදර ගෙනියන්න හදන මිනිස්සු , කෝච්චිවල හයිකරන ෆෑන් එක හොරෙන් ගලවන් යන මිනිස්සු, ඔෆිස් එකේ ඕටී කරනවා කියලා , ගෙදර වැඩයි , ළමයින්ගේ වැඩයි ඔක්කොම කරලා , ළමයාගේ ප්‍රින්ටවුට් ටික, ෆොටෝ කොපි ටික ඔක්කොම ඔෆිස් එකෙන්ම අරගෙන , ඕටී එක කරා කියලා ගෙදර ඇවිල්ලා නිවීසැනසිල්ලේ වාඩි වෙලා බුකියේ කොටනවා දේශපාලඥයෝ රට කෑවා. අපිට අලුත් නායකත්වයක් ඕනේ.. කියලා .

ඉතින් මේ ට්‍රැක්වාසීන්ට රටක් විදිහට ඉස්සරහට තියා පිටිපස්සටවත් යන්න පුළුවන් වෙයිද. මිනිස්සු උනහම අනුන්ව හදන්න කලින් තමන් හැදෙන්න ඕනේ.

ජයනි සිතාරි අල්විස්.

 



අදහස් (1)

රට හැදිල්ල

සමන් Thursday, 23 January 2025 08:03 AM

සම්පූර්ණ ඇත්ත කථාවක්

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site