IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රට රැකියා පෙන්වා කෝටි 5ක් වංචා කළ අයෙක් අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)

රුසියාවේ රැකියා සදහා සදහා පිටත් කරන බවට පවසා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් ලබා ගෙන සැඟව සිටි අධිකරණය කිහිපයකින්  වරෙන්තු 88 ක් ලබා සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙම සැකකරු තවත් පුද්ගලයෙකු හා එක්ව මොරටුව ප්‍රදේශවේ ආයතනයක් පවත්වාගෙන යමින් මෙලෙස රුසියාවේ රැකියා සදහා පිටත් කල හැකි බවට පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කර පලා ගොස් සිටියදී මෙලෙස අතුරුගිරිය ගජබා මාවත ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

සැකකරු වර්ෂ 2023 දී රුසියාවට ගොස් මාස කිහිපයකින් නැවත පැමිණ ඇති බවත් පසුව මොරටුව ප්‍රදේශයේ මෙලෙස රැකියා දෙන බවට පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 72 ක් ද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 16 ක්ද නිකුත් කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මාවල මහරැක්ම පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 56 හැවිරිදි  පුද්ගලයෙකි.



අදහස් (0)

රට රැකියා පෙන්වා කෝටි 5ක් වංචා කළ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 601 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site