IMG-LOGO

රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි

(අංජුල මහික වීරරත්න)

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි.

ජාතික කෞතුකාගාර දෙපාර්‌තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය  විවෘත කරනු නොලැබේ.

කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව තබන වේලාව පෙ:ව:9.00 සිට ප:ව:6.00 දක්වා වේ. අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව පෙ:ව:9.00 සිට ප:ව: 5.00 දක්වා වේල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප.ව:4.00ට අවසන් වේ.

කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වභාවික විද්‍යා කෞතුකාගාරය නැරැඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප:ව :3.00 ට අවසන් වන බවද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.

 



අදහස් (1)

රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි

ගුණරත්න Wednesday, 13 August 2025 08:07 PM

වැඩක් කොරා කියලා පෙන්වන්නත් එපැයි, ඉතින් කාලසටහන් වෙනස් කරනවා, ඉස්කෝලෙත් කාලසටහන වෙනස් කරනවා, පීරියඩ් එක වෙනස් කරනවා, විෂයක් අඩු කරනවා. කාටද මේ විහිලු සපයන්නේ?

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 790 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site