
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතන වලින් මූල්‍යාධාර ලෙස රුපියල් මිලියන 1893ක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
මෙම සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව ද මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසූවේය.
හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බව එම සාකච්ඡාවේදී අනාවරණය වී යැයි ලේකම්වරයා සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ අනුව සුළු දේපළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව සිදු කරන බවද ලේකම්වරයා කීය.
එතෙක් එම වන්දි මුදල් වලින් කොටසක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව රක්ෂණ ආයතන නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
480
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට නගන අරමුදලට කෝටි 189ක් ලැබිලා