(නිමල කොඩිතුවක්කු)
රට අවදිකිරීම සඳහා සියලූ දෙනාම එක්ව කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (10) පැවැසූහ.
අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සඳහා ජීවිත පරිතයාගයෙන් තමන් ගෙන ගිය ආධ්‍යාත්මික සටනට සහයෝගය පළ කළ සියලූදෙනාට ස්තූතිය පුද කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සඳහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ.
‘‘ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ජීවිත පරිතයාගයෙන් අපි උපවාසයක නිරත වුණා. එම උපවාසයේදී අපගේ පණිවිඩය සමාජගත කිරීමට කැපවී ක‍්‍රියා කළ සියලු මාධ්‍යවේදීනට අපි ස්තූතිය පුද කළ යුතුයි.
රටක් අවදිකරන්න නම් අපි සියලුදෙනාම එකතු විය යුතුයි. එහිදී ජනතාවට පණිවිඩය ගෙනයන ප‍්‍රධාන සන්නිවේදකයෝ තමයි මාධ්‍යය. එහිදී මාධ්‍යයේ වගකීම හරියට ඉටු කලා කියලා මම විශ්වාස කරනවා.
අපි ධර්මයත් එක්ක, ආධ්‍යාත්මිකත්වයත් එක්ක අහිංසාවාදීව තමයි ජීවිත පරිත්‍යාගයෙන් කරන මේ උපවාසය සිදුකළේ. ඒ උපවාසය පිළිබඳ විවිධ කියැවීම්, විවිධ සාකච්ඡා සමාජය තුළ ඇති වුණා.
ඉන් පසු මහානායක හිමිවරුන් මුස්ලිම් ඇමතිවරුන්ට කිව්වලු සමගි වෙන්න කියලා. ඒක මහානායක හිමියන් ප‍්‍රකාශ කළා කිව්වට මහානායක හිමියන් එවැනි සාකච්ඡුාවකට වාඩි නොවූ බව සියලුම මාධ්‍ය වේදීන් දන්නවා. අපිත් කියනවා සමගි වෙන්න කියලා. හැබැයි දුෂිතයන්ට දඩුවම් ලබාදිය යුතුයි.
අපි දින තුනක් මේ උපවාසය සිදුකලේ ඉතාම සාමකාමීවයි. අපි ආව්ගශීලිව කටයුතු කලේ නැහැ. බොහෝ විට අපි සිදුකලේ පිරිත් සජ්ඡායනා කිරීමයි. රට පුරා විසිර සිටි 5000ක් පමන අපි වටා වාඩිවී තිබෙවා. ඒ වගේ ආධ්‍යාත්මික අධිෂ්ඨාන කිරීම ගැන ඒ සියලුදෙනාටම ස්තූති වන්ත වෙන්න ඕන’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘රට අවදි කරන්න සියලු දෙනා එක් විය යුතුයි’
Gunasinha Monday, 10 June 2019 03:08 PM
ඔබවහන්සේ වටා අපි පෙළට එනවා..
Bamunuarachchi Tuesday, 11 June 2019 03:12 AM
එ්ත් අර ත්‍රෛනිකාය කියා ගන්න අයත් එක්කර ගත්තොත් ඔබ වහන්සේගේ වැඩපිළිවෙල හබක් වෙනවා. හිස්බුල්ලගේ තර්ජන ඉදිරියට සටන්පාඨ කර ගනිමු.
mohommad Tuesday, 11 June 2019 03:42 AM
අනේ...!!! අර මුස්ලිම් මිනිසුන්ට වඳින්න. නැත්තන් බඩගින්නේ පීචන් වෙලා මැරෙන්නයි වෙන්නේ...
BamunuarachchiWednesday, 12 June 2019 12:19 AM
අපි කැළෑ කපන්න පටන් ගත්ත දාට ඒ ගොල්ලන්ට සලකන්නම්.
sam Tuesday, 11 June 2019 08:59 AM
කරන කෙරුවාවක් බොරුවෙන් නොවේ නම්...
Don Tuesday, 11 June 2019 03:06 PM
අවදි කරාට කමක් නැහැ, ගිනි තියන්නේ නැතිව.
Bamunuarachchi Wednesday, 12 June 2019 12:22 AM
ගිනිතියන්නේ අර ගොල්ලන්ගේ කැළෑ