
(ආරියරත්න රණබාහු)
අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය
වර්තමානයේ මේ රටේ සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙරකවර කලකවත් සිදුවී නැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කී අය දැන් රනිල් වික්‍රමසිංහ මහතාවද අප්පච්චී ලෙස හඳුන්වන බව කීය
සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් එළියට යන විට පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම පක්ෂය තුළට රිංගා ඇති බවද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දමන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ නිදි බවද ඔහු කීය.
මහදවල් මහදවල් මහ බැංකුව සොරා කෑවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අංක 16 යටතේ කොළඹට තරග කළ තමන් මහා ප්‍රාඥයා ලෙස හැඳින්වූ බන්දුල ගුණවර්ධන මහතා ද අද වික්‍රමසිංහ මහතා ළඟට ගොස් ඇති බවකි. ඒ මහතාඒ අනුව හොරා යයි කියූ තැනැත්තත් හොරා ලෙස සලකන තැනැත්තා ළඟට ම යෑම සරදමක් බව පැවසිය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මාලිගාවත්ත පී ඩී' සිරිසේන ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ිශ්‍රාමික ම් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලපයා හිතන්නේ ලංකාවේ උන් පිස්සෝ කියලා ,88/89 එකෙක්වත් මූට චන්දෙ දැම්මේ නැහැ
වැඩක් නෑ අපේ ජනපති රනිල් මහත්තයා තමයි දිනන්නේ, තව පාරක් මහා බැංකුව කොල්ල කාලා රට සෝමාලියාවක් කරලා තමයි පස්ස බලන්නේ, අපේ වියළි කලාපයේ අංගවිකල සහෝදර සහෝදරියන් කොහොමත් රනිල්ටමයි ඡන්දේ දෙන්නේ, ජය වේවා 2048 ලංකාව ලෝක සිතියමෙන් අයින් වෙනවා.
බස් වලටයි, කඩ වලටයි, අයිඩෙන්ටිටි කාඩ් වලටයි වග කිව්ව වගේ ලු ද?
අපිත් ඔබ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. හැබැයි , එක පාරයි. බොරු කරොතින් කවදාවත් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වෙන්නේවත් නැහැ .
මහදවල් මහබැංකුව කඩපු රනිල් ගැන කියනව වගේ බලයක් නැතිවත් මිනිසුන් මරපුව, බස් පුච්චපුව, ට්‍රාන්ස්පෝමර් පුපුරවපු ගැනත් කියන්නකො.
1989 වෙඩිකාගෙන චන්දෙ දුන් අයට මතකද ,රණවිරුවන් පවුල් පිටින් ඝාතනය කලා.දැන් මොවුන් හැව ඇරලද දන්නේ නැහැ.ඔව් ඉතින් jvp හැව දැන් මාලිමාව වෙලා .රණවිරුවන් දැන් සට්ටැඹි වෙලා
ජයවේවා .කොච්චර කිව්වත් ලංකාවේ වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ
ටකරමට, ලැට් පෝච්චියට , හාල් කිලෝ 10 ට ඡන්දෙ දෙන බයියන්ට මතක 88/89 විතරයි. 75 වසරක රට හුරගෙන කාපු පැලැන්තිය , ගැන අවබෝධයක් නැතිකමේ නොතේරුම් කම
අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ උද්ඝෝෂණ කරනවා. මෙයාලගේ ළමයි පිටරට සැප ගන්නවා.