(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇනවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේනේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදාගනිමින් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි අක්කර 800ක් යොදාගනිමින් අරඹන බව අමාත්‍යාංශය පවසයි.
පළමු ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය හා සැකසුම් මධ්‍යස්ථානය රාජංගනයේ ස්ථාපිත කර තිබෙන අතර දෙවන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය යාපනයේ ස්ථාපිත කර ඇත.
රාජාංගනයේ අක්කර 800ක් හා යාපනයේ අක්කර 400ක ඇඹුල් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.
මුරවැසිහේන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දූන්නේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රටට ඩොලර් ගේන ගමක් හම්බන්තොට හදයි
pakeer Wednesday, 13 September 2023 02:25 PM
හොඳට අතමිට තියෙන කාලකණ්ණි ටිකක් මේකෙන් හම්බ කරගෙන. කවදත් අසරණ, අහිංසක අයගේ ශ්‍රමය හූරන් කන වැඩක් වෙනවා මේක. ඩොලර් නම් ඉතින් ලැබෙයි. හැමදාම ඉතින් වෙන්නේ එහෙමනේ...
sarath Wednesday, 13 September 2023 02:33 PM
එළවළු සඳහාද අපනයන හා අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත බිහි කරන්න...
Sethuhami Wednesday, 13 September 2023 03:57 PM
ඇඹිලිපිටිය කඩදාසි කම්හල මේ සඳහා යොදාගන්න.
kavidhu Thursday, 14 September 2023 11:03 AM
ලංකාවේ තිබුණු සල්ලි වලින් ප්‍රමාණයක් වෙන රටවල බැංකුවලට ගියේ හම්බන්තොට අයගෙන් තමයි.